(චතුර එස් කොඩිකාර)
විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් විරෝධතා පාගමනක් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළින් ඇරඹුහ.
වර්ෂ 2016-2019 විශ්‍රාමිකයන්ට වර්ෂ 2020 ජනවාරි මස සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප අයුක්ති සහගත ලෙස අහිමි කිරිමට එරෙහිව මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරතවෙති.
විශ්‍රාමිකයන් පිරිස අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් බාර දීමට සාමාජිකයන් පස් දෙනෙකු අරලියගහ මන්දිරයට ගොස් තිබේ.
හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න, විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.