වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ නුවරඑළියේ කඳපොළ අක්කර 450ක තේ වත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියන්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක බද්දකට අවුරුදු 30ක කාලයකට බදු දී ඇතැයි කියන සිද්ධිය හෙළිදරව් වී ඇත.
මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තයි. අක්කර 450කින් යුත් මෙම තේවත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත ‘මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ් ඇලෝසියස් මෙම තේවත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති.
අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියස්ගේ සභාපතිත්වයෙන් සෙරෙන්ඩිසිටි ප්ලාන්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.
මෙම තේවත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක් පමණ එහි ඇතැයි වාර්තා වේ.
පර්පවුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබීය.
සන්ඬේ ටයිම්ස් පුවත්පතෙනි
055

COMMENTS
මිස්ටර් ක්ලීන් මිස්ටර් අන්ක්ලීන් කියලද අවසානයේදී අපිට හිතන්න වෙන්නේ.
මහා බැංකු හොරකම මහා හොරකම් වැලක එක පුරුකක් විතරයි කියන එක දැන් දැන් පේනවා. නමුත් මේක ලංකාව නිසා කිසිම මහා හොරෙකුට විරුද්ධව කටයුතු කෙරෙන්නේ නැහැ. ඡන්ද දායකයොත් හුරේ දමමින් මොවුන්ට ආවඩනවා. දේශපාලකයොත් දන්නවා, අර මාක් ට්වේන් කිව්වා වගේ 'මිනිසුන්ට තමන් රැවටී සිටින බව තේරුම් කරදී ඔවුන් රැවටිල්ලෙන් මුදා ගන්නවාට වඩා ඔවුන්ව දිගටම රවටා තබා ගැනීම වඩා පහසුය' කියන සත්‍යය.
2020 වෙකොට ලංකාවත් විකුණලා තියේවි. අදම පයින්ගහලා දොට්ට දැම්මොත් රට බේරා ගන්න පුළුවනි.
මෙය තේ වත්තක්නම් අවම වශයෙන් මසකට රුපියල් කෝටියක (මිලියන 10) ලාභයක් ලැබීමට හැකිවේයැයි සිතමි. දූෂණ විරෝධීන් නිදිද?
2015 කියන්නේ පිරිසිදු පාලනයක් තිබුණු කාලයක් ,මේවා වෙන්න පුලුවන්ද?
අක්කර 450ක තේ වත්තක් මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදීලා? ඇයි දෙවියනේ මේ මිනිස්සු බලයට ආවේ "මිස්ටර් ක්ලීන්" "මට රකින්න පරපුරක් නැහැ" කිය කියා නේද?
තව මොනවද දන්නේ නැහැ ආණ්ඩුවෙන් දන් දීලා තියෙන්නේ. හැබැයි, අහිංසක ජනයාගේ දේවල් කොල්ල කාපු අය හිඟමනට වැටිලා තමයි මැරෙන්නේ. එක හොඳට මතක තියාගන්න.
අක්කරයක් රුපියල් 17 ශත 77කට. බංගලා 2යි, වෛද්‍ය මධ්‍යස්ථාන 1යි සේවක නිවාස සහ මාතෘ නිවාසය, ඉතා වටිනා ගස් 19,000 යි. ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ!
මමත් රුපියල් 10000 ක් මාසෙකට දෙන්නම් මටත් අක්කර 4-5 ගන්න බැරිද ?
ඔය තෙවතුවලට මොනවා වුනත් කමක්ක නැහැ යහපාලනය තියෙනවනේ!
අපිට නම් පොඩි ගෙයක්වත් කුලියටවත් ගන්න බැහැ මේ මුදලට. අනේ හපොයි රටකට ගිය කලක්.
මෙයට අනුබල දුන් සැමට.....
රු 8000ට අක්කර 450ක් ! කොහොමද ගසා කෑම
එදාවේල හරියට කන්න නැති දුප්පත් ජනතාව රට පිරෙන්න ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික ජනතාවට කන්න තියෙන රටේ සම්පත නැදෑයිනට හිතමිත්‍ර ආදින්ට අම්මාගෙ අප්පාගෙ බූදලය වගේ කුනු කොල්ලයට දීල දානව .මෙහෙව් හොරු නැවතත් ඕනෙ කියලා පාර්ලිමේන්තු යවන්නෙත් රටේ ජනතාවමයි. ජනතාව පාරටම වැටෙන කං මේක තෙරෙන්නෙ නැ .එතකොට වෙන්න ඕන හරියට වෙලා ඉවරයි .
රටකට ඕනේ අපමණ අගයක්, ඒකට ඕනේ මෛතී යුගයක්. මදැයි කළා. තිබුන අගයත් හොරු කල්ලියක් අතරේ බෙදිලා ගියා.
දොට්ට දැම්මොත් රට බේරා ගන්න පුළුවනි. බමුණෝ කාටද රට බාර දෙන්න යන්නේ , කලින් හිටිය රන්චුවටද .
කෝ මේ ඇන්ජලීස් වල ලොස් වෙලා ඉන්න කට්ටිය.
සුමිත් අහනවා බමුණෝ දෙන්නේ කලින් හිටිය රංචුවටද කියලා? ඔයාගේ කව්රු හරි ඉන්නවාද දෙන්න? පිළිතුරක් බලාපොරොත්තුව ඉන්නවා.
මේ යහපාලනය කියන මරුපාලනය අපේ රට විනාශම කරලා දැම්මා. ඡන්ද නොතියා විකුණන්න පුලුවන් සේරම විකුණගන්නකන්,මේ රට නැත්තටම නැති කරලා දානකන් ඉන්නවා.