( රොමේෂ් මධුෂංඛ)
වව්නියාවේ දුෂ්කර පාසල්හි දරු දැරියන් සඳහා අධ්‍යාපනික උපකරණ ලබා දීමේ වැඩසටහනක් , ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රොෂාන් මහනාම මහතාගේ දායකත්වයෙන් සිදු කෙරිණි.
‘රොෂාන් මහානාම පදනම‘ මගින් මෙම සත්කාරය සිදු කළ අතර වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
රොෂාන් මහානාම මහතා වව්නියාවේ දුෂ්කර ගම්මානයක් වූ වෙහෙරතැන්න ගම්මානය ඇතුලු අවට ගම්මානයන්හි පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මීට පෙර පාසල් ගොඩනැගිල්ලක්ද යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ අතර එම පාසල රෝෂාන් මහානාම විදුහල වශයෙන්ද නම් කර ඇත.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණයකින් පසු , විදුහලේ සිසු දරුවන්ට නව වසර වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ වල අවශ්‍යතාවය පිළිබඳව ‘රොෂාන් මහානාම පදනම‘ට දැනුම් දීමෙන් පසුව මෙලෙස නව වසර වෙනුවෙන් පාසල දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් ඇතුලු අධ්‍යාපනික උපකරණ හා වෙහෙරතැන්න පෙර පාසලේ දරු දැරියන්ටද නිල ඇඳුම් හා උපකරණ ලබා දීමට රොෂාන් මහනාම මහතා ඇතුලු පදනමේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.
පාසල් දරුවන්ට අධ්‍යාපනික උපකරණ ලබා දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගී වූවේද වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා සහ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතාය.
එමෙන්ම 56 සහ 62 යුද හමුදා සේනංකාධිපතිවරුන්, පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.








COMMENTS
මෙන්න මෙහෙම දේවල් සිද්ද වෙන්න ඕනෑ.. තව තවත්.. නිකන් බල තණ්හාවට ඇන කොටාගෙන කාලේ නාස්ති කරන එක තමයි අද ලංකාවේ බහුතරයක් කරන්නේ... වේලක් කාලා වේල් කීයක් නම් බඩගින්නේ ඉන්න මිනිස්සු තවමත් අපේ ලංකාවේ ඉන්නවා... ඒවා හොයන්න ඕනෑ.. ලංකාවේ අති දුෂ්කර ගම්මාන කොච්චර නම් තියනවද තවමත්..? දරුවන්ට උගන්න ගන්න කන්න දී ගන්න බැරුව දුක් විඳින අම්මලා තාත්තලා තවම ඉන්නවා ලංකාවේ.. ඒ මිනිස්සු අනාගතෙත් ඉඳීවි.. මොකද රට කරන බහුතරයක් තවමත් අාත්මාර්තකාමි කමින් ජීවත් වෙන නිසා..
මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට වැන්දට පව් නැහැ දුවේ පුතේ, හොර, මැර, ජඩ, බලු දේශපාලකයන්ට වඳිනවට වඩා....
රෝෂාන් මහතාණෙනි.. මෙය ඉතා මහඟු ක්‍රියාවකි... හමුදාවිරුවන්ටත් අපගේ ස්තූතිය හිමිවේ...
අප හදවතින්ම මහානාම මහත්මයා ඇතිලු සිය පවුලට සුබ ප්‍රර්ථනා කරන්නෙමු. ඔබලාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා! වැඩි වැඩියෙන් සියලු සම්පත් ලැබේවා! යන එන සියලු කටයුතු සාර්ථක වේවා !!
මෙන්න වැඳිය යුතු මිනිස්සු!
රොෂාන් මහනාම මහතාට දීර්ඝායුෂ පතමි...
මෙන්න පිදිය යුතු මිනිසුන්