
(ඩයනා උදයංගනී)
වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට රට තුළ පොල් පැළ හිඟයක් පවතින නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 05ක් බැගින් ලබා දී පොල් පැළ තවාන් ආරම්භ කිරීමටත්, වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමටත් අවසර ලබා දීමේ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම වගකීම වැවිලි අමාත්‍යාංශයට පමණක් බාර නොදී සෑම අමාත්‍යාංශයක්ම තමන්ට ලබා දී ඇති මුදල් උපයෝගී කරගෙන මෙම වැඩ පිළිවෙලට සහය දෙන ලෙස මුදල් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති ‘දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධාන කමිටු රැස්වීම අමතමිනි.
COMMENTS
මඩ ඉඩම් ගොඩ ඉඩම් බවට පත්කර විකුණා දැමීමට කදිම ක්‍රමය.
අර පුරන් කුඹුරු වගා කරපු සෙට් එක කෝ දැන්....?
බත් නැති වුණුදාට පොල් කමු...
හොඳ අදහසක්. කොස් සහ පොල් වැවීමට අවසර දිය යුතුයි...
පලමුව පොල්, දෙවනුව ගෙවල්.....! ඊට පස්සෙ ජලය රදන බිම් ටිකට මොකද වෙන්නෙ. ‘ වගා කල නොහැකි’ සහතිකේ දෙන්නෙ කවුද? මේකත් කොම්පෝස්ට් මොල කාරයන්ගෙම කොම්පෝස්ට් වැඩක් වගේ...!