(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
විශේෂ අවශ්‍යතා පශ්චාත් ඩිප්ලෝම විභාගයට පෙනී සිටීමට සිය සැමියාට රහසිගතව අවසර ලබාදුන් විවෘත විශ්ව විද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂවරියක සේවයන් නෙරපීමට එරෙහි ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය අද ඉවත දැමීය.
තමන් ශාලාධිපතිවරියක ලෙස සේවය කරන අවස්ථාවේදී සිය සැමියට අදාල විභාගයට පෙනී සිටිමට රහසිගතව අවසර ලබාදුන් බව කියමින් විශ්ව විද්‍යාල බලධාරින් තමන් සේවයනේ නෙරපීමට තීරණයක් ගෙන ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් දන්වා ඇත.
සමන්තුරේ බාලිකා පාසල පාරේ පදංචි ඒ.එම්.ෆාතිමා නසීමා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , එහි උප කුලපති , සනාථ සභාව ඇතළු 31 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
විනිසුරු මායාදුන්නේ කොරයා මහතා ගේ ඒකගත්වයෙන් හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු (වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ) අර්ජුන ඔබේසේකර මහතා ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කාරිය විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය අධ්‍යාපන සේවයේ සහකාර අධ්‍යක්ෂවරියකි. ඇය අම්පාර ශාඛාවේ සේවය කරන්නීය. එම ශාඛාවේ සිදුවූ අයථා ක්‍රියාවක් සම්බන්ධයෙන් පෙත්සම්කාරිය 2015 ඔක්තෝබර් 09 වැනි දින මූලික විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබිණි.එම වසරේ නොවැම්බර් මාසයේදී ඇය ප්‍රධාන කාර්යාලයට මාරු කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කළේය.
ඉන් අනතුරුව ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කෙරිණි.එම චෝදනා පත්‍රය මගින් ඇයට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා වනුයේ විශේෂ අවශ්‍යතා අධ්‍යාපන පශ්චාත් ඩිප්ලෝමා විභාගයට ඇයගේ විභාග ශාලාධිපතිත්වය යටතේ ඇයගේ සැමියාට අදාළ විභාගයට පෙනී සිටීමට රහසිගතව අවසථාව සලසා දීම ඇතුළු චෝදනා අටකි.
ඉන්පසු මෙම චෝදනා පත්‍රය විනය කමිටුවක් හමුවේ විභාගයට ගැණිනි.ඒම විනය කමිටුවේ තීරණ අනුව ඇයට එරෙහි චෝදනා 8න් 6කටම වරදකරු කර තිබිණි.ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදී ඇයව විවෘත විශ්ව විද්‍යාල සේවයෙන් නෙරපා හැර ඇත.
පසුව මේ පිළිබද ඇය විශ්ව විද්‍යාල සේවා අභියාචන මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කළද එයද ඉවත දැමිණි.
ඒම තීන්දුව අගතියට පත් ඇය අභියාචනාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ගොනු කළාය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවෘත විශ්ව විද්‍යාල සහකාර අධ්‍යක්ෂවරියගේ පෙත්සම ඉවතට
ලලිත් කන්නන්ගර Saturday, 26 June 2021 08:08 AM
අභියාචනාධිකරණය වෙත මගේ ආචාරය. විධිමත් විනය පරීක්ෂණයේදී චෝදනා 5/8 ඔප්පු වී තිබියදී මෙවැනි වරදකට සේවයෙන් පහකිරිම හැර වෙන කුමක් කරන්නද? තවත් අයෙක් මෙවැනි වරදක් කිරීමට පෙළඹවීම වැළැක්වීමද අභියාචනාධිකරණය තීරණය උදව් වනු ඇත...