(රන්න චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල පොලිස් කොට්ඨාශයේ පට්ටියපොල සදාහරිත වතු යායේ පිහිටි ජලය සිදී ගිය වැවක තිබූ ටී 56 ගිනි අවියක් අද(16) දහවල් සොයා ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයා ගෙන තිබේ. ගිනි අවිය සමග ඊට යොදන පතුරොම් ගැබක්ද සොයා ගත් බව පොලීසිය පවසයි.
COMMENTS
තංගල්ල ප්‍රදේශය දැන් අපරාධවලින් නොටෝරියස්! ඒ පැත්තේ ඉන්නෙම අපරාධකාරයෝ වගේනේ! ඔවුන්ව ඒ පැත්තටම ගාල් කරනවා නම් නුවණට හුරුයි!
මේ ඇහෙන කෙරෙන දේවල හැටියට දකුණ කියන්නේ පදිංචියට නුසුදුසු ප්‍රදේශයක්. දරුනු මිනිසුන් සිටින ප්‍රදේශයක් .
දකුණ පමණක් නොවෙයි රටේ සෑම පෙදෙසකම පාහේ කුඩු වසංගතය හා පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වෙලා. දකුණේ විතරයි වැඩිපුර හසුවන්නේ. රටේ අනෙක් ප්‍රදේශවල අය නොසිතුවාට රහසිගතව කුඩ්ඩන්ගේ පාතාලයන්ගේ වැඩ ටික කෙරෙනවා. රටේ කිසිම ප්‍රදේශවාසියෙකුට මෙහෙ කුඩු හා පාතාලය නැහැ කියා සැනසෙන්නට බැහැ. ගමේ බොහොම වැදගත් විදිහට ජීවත්වෙන සමහර දෙනා පිට පෙදෙස් වලට ගොස් අපරාධ වල නියැලෙන බව රහසිගතව සිදුවෙන දෙයක්. කොළඹ හා අවට සමහර පෙදෙස් කවදත් අපරාධ හා පාතාල කටයුතු කෙරෙනා තැන්. මේ නිසා රටම ගිල ගනිමින් ඇති මේ අපරාධ රැල්ල හා කුඩු වසංගතය මුලින්ම උපුටා දමා ඒවායින් රට බේරා ගැනීමට සහයෝගය දීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. මෙකී අපරාධ වලට සබඳතා ඇති දේශපාලකයන්ද මට්ටු කල යුතුමයි. නීතිය අවනීතිය කොට අපරාධකරුවන් බේරන සමහර නීතිවේදීන්ද මට්ටු කිරීමට කාලය එළඹ ඇත. එය පොදු යහපත වෙනුවෙනි.