( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවාසිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය අද (22) අවසර ලබා දෙන ලදී.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත්කරනු ලැබීය.
තම පුත්‍රයාට මරණීය තර්ජන පවතින හෙයින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙලේ සුදාගේ මව විසින් ගොනු කළ පෙත්සමක් විභාගකළ අභියාචනාධිකරණය ඔහුව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලමින් අතුරු නියෝගයක් මීට පෙර නිකුත්කර තිබුණි.
මෙම අතුරු නියෝගය හේතුවෙන් චූදිත ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාමට බාධා සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම සලකාබැලූ අභියාචනාධිකරණය දැනට නිකුත්කර ඇති තහනම් නියෝගය හේතුවෙන් විත්තිකරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාමට බාධාවක් මතුනොවන බව බන්ධනාගාර අධිකාරීන්ට දැනුම්දී තිබේ.
අනතුරුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 6 වනදා කැඳවීමට ද නියම විය.
වෙලේ සුදාගේ මව වන ආර්. ජී. මාලනී විසින් සිය පෙත්සමේ සදහන් කර ඇත්තේ විමර්ශන පවත්වන මුවාවෙන් තම පුත්‍රයා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් මරාදැමීමේ සූදානමක් පවතින බවත්, එම නිසා ඔහුව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවූ වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මගින් මේ වන විට මරණීය දඩුවම නියම කර ඇත.
2025 දෙසැම්බර් මස 04
28
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙලේ සුදාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අවසර
kamal Wednesday, 22 September 2021 02:35 PM
අලුත්ම ක්‍රමය ආයුධ පෙන්නන්න එක්ක යෑම නෙවෙයි වගේ..
sachith Wednesday, 22 September 2021 03:49 PM
නිවාස සංවර්ධන අධිකාරියේ ලේකම් තනතුරට පත් කරන්නද දන්නේ නෑ...
Bamunuarachchi Thursday, 23 September 2021 10:18 AM
ඔන්න පැනලා යන්න අවස්තාව.
Bamunuarachchi Saturday, 25 September 2021 07:29 AM
කටපුංචා බලන් ඉන්නේ පැනලා යනකම් තමයි...