IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘වෙලේ සුදා’ගේ මස්සිනා රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

බන්ධනාගාරගතව සිටින අපරාධකරුවකු වන ‘වෙලේ සුදා’ නමැත්තාගේ මස්සිනා වන තැනැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රැඳවුම් නියෝග මත රඳවා සිටියදී, ලබන 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(14) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගර ගත කරනු ලැබුවේ අඟුලුගහ ජාගොඩගේ වසන්ත පුෂ්ප කුමාර නැමැති සැකකරුවෙකි.
 
හෙරොයින් මිලි ග්‍රෑම් 1330ක් මුදල්, රුපියල් 37,500ක්, ජංගම දුරකතන 4ක් සහ බැංකු ගිණුම් පොතක් ද සමග ඉකුත් (09)වැනිදා රාත්‍රියේ ඉමදුව පොලිසිය සැකකරු  අත්අඩංගුවට ගැනීමෙන් පසු රැඳවුම් නියෝග මත පොලිසිය රඳවා තබාගෙන විමර්ශන පැවැත්වීය.
 
පොලිසිය ඊයේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියාසිටියේ සැකකරු, වෙලේසුදා නමැත්තා වේවායි ප්‍රාර්ථනා කරමින් ගවයින් 20දෙනෙකු නිදහස් කර ඇති අතර කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ රෝගින්ට ද මුදල් පරිත්‍යාග කර ඇති බවය.
 
පසුගිය වසර තුළ සැකකරුගේ බැංකු ගිණුමෙන් රුපියල් විසි ලක්ෂයකට අධික මුදලක් සංසරණය වී ඇති බවද දුරකතන වාර්තා අනුව ‘වෙලේ සුදා’ සහ ඔහුගේ බිරිඳ සමග සම්බන්ධකම් පවත්වා ඇති බව අනාවරණය වී ඇති බවද පොලිසිය වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
 
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සැකකරුගේ බිරිඳගේ ජංගම දුරකතනය සහ ජාතික හැඳුනුම්පත මුදා හරින ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව, සැකකරුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
ඉමදුව පොලිස් ස්ථානාධිපති  පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතාගේ උපදෙස් පරිදි සැරයන් කරුණාදාස(6115), කොස්තාපල් චාමර(89466) යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරු වෙනුවෙන් නීතීඥ සෙව්වන්දි රණවිර මෙනෙවිය පෙනී සිටියාය.



අදහස් (0)

‘වෙලේ සුදා’ගේ මස්සිනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site