(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මත් කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියමවී සිටින ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදා" බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලමින් පනවා ඇති අතුරු නියෝගය ඔක්තෝම්බර් මස 6 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.

බන්ධනාගාරයේ සිටින සිය පුත්‍රයා මරා දැමීමේ අවධානමක් ඇති බැවින් ඔහු පිටතට රැගෙන යාම වලක්වන ලෙස ඉල්ලා වෙලේ සුදා නමැත්තා ගේ මව වන ආර්. ජී මාලනී විසින් ගොනු කර පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය දීර්ඝ කළේය

සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී එය සලකා බැලීම ඔක්තෝබර් 6 වනදා සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව වෙලේ සුදා නමැත්තා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වලක්වමින් දැනට නිකුත්කර ඇති තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කිරීම ට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

විමර්ශන පවත්වන මුවාවෙන් තම පුත්‍රයා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් මරාදැමීමේ සූදානමක් පවතින බවය.

එම නිසා ඔහුව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.