IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වැලහින්නකගේ සිරුරක් කතරගම වැවක

(එමි.කේ. නන්දසේන)

කතරගම ගොයාගල වැවෙහි දියේ ගිලී මියගොස් සිටි වැලහින්නකගේ සිරැරක් වනජීවි නිලධාරීන් විසින් අද (19) උදෑසන සොයා සොයාගනු ලැබීය. 

ඊයේ (18) රාත්‍රියේ ගොයාගල ගම්මානයට වලසෙකු පැමිණ ඇති බවට ගම්වැසියන්ගෙන් ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් කණ්ඩායමක් එම පෙදෙස වෙත ගොස් සෝදිසියට ලක් කොට ඇතත් වලසා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

  අද (19) උදෑසන වැවට බැස ඇති ගම්වැසියෙකු වලස් සිරුරක් වැවෙහි තිබෙනු දැක වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබෙි. මෙම දැනුම්දීමට අනුව වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් සිරුර සෝදිසියට ලක් කිරීමේදී අවුරුදු 12ක් පමණ වයස සිතිය හැකි වැලහින්නක් බව අනාවරණය කරගෙන ඇත. වනජීවී නිලධාරීන් සිරුර දැඩි ලෙස සෝදිසියට ලක් කොට ඇතත් කිසිදු තුවාල කැලලක් දක්නට නැතැයි කියයි.  

     මෙම වැලහින්න ගම්වැසියන්ට බයවී වැවට පනින්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක පලකරති. තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කොට උඩවලව ඇත් අතුරු සෙවන වෙත දැනුම් දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරති.

     ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත කතරගම අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි සහකාර මහින්ද ජයසිංහ, වනසත්ව නියාමක එචි.ඒ. සමිත් යන මහත්වරැන් ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.  



අදහස් (4)

වැලහින්නකගේ සිරුරක් කතරගම වැවක

Perera Wednesday, 20 October 2021 12:25 AM

ඕනෑම සතෙකුට ස්වභාවයෙන් පිහිනීමට හැකියාව තිබෙන නිසා උන් ගිලෙන්නේ නැත

:       0       0

roshan Wednesday, 20 October 2021 08:41 AM

හැබැයි මේ අයට හොඳට පීනන්න පුළුවන්නේ.

:       0       0

amila Wednesday, 20 October 2021 09:10 AM

හොඳට පරික්ෂා කර බලන්න.

:       0       0

mora Wednesday, 20 October 2021 01:45 PM

ෆොටෝ එකෙන් පේනවා කැලෑව හොඳටම සුද්ද කරලා .ඔන්න 69 ඉලක්කය ,රට සාගතේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 109 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site