
කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ආහාර ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින කොටුව, පිටකොටුව ප්‍රදේශයේ යාචකයන්ට දිවා ආහාරය ලබාදීමට වේල්ලවීදිය පොලීසියේ නිලධාරීන් අද (27) කටයුතු කර තිබිණි.
ආහාර අලෙවි කරන ස්ථාන වසා දමා තිබීම හේතුවෙන් කොළඹ නගරයේ පොදු ස්ථානවල සිටින යාචකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
වේල්ලවීදිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂණ අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු එහි නිලධාරීහු මෙම කාර්යයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)







2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වේල්ලවීදිය පොලීසියෙන් යාචකයන්ට දිවා ආහාරය
ගමේ එකාලා Friday, 27 August 2021 08:18 PM
ඔය යාචකයින් ටික මැදමූලනට ගිහින් දැම්මා නම් ඉවරයිනේ. කාටද ආඩම්බර? සෞභාග්‍යයේ දැක්ම, ලෝකෙම දකිනවා ඇති...
M f m faiz Friday, 27 August 2021 08:54 PM
අති උතුම් කාර්යයක්... මෙවන් සත්කාර කිරීමට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා. සමස්ත ලංකා ස්වයං රැකියා සමිති සම්මේලනයේ උත්තමාචාරය..!!!
Ari Friday, 27 August 2021 09:14 PM
නියමයි, සැබෑ මහත්මයෙකුගේ සැබෑ අදහස්...
විපරමා Saturday, 28 August 2021 02:14 AM
පොලිසියේ මහත්වරු කරලා තියෙන්නේ බොහොම පින්සිද්ද වෙන වැඩක්. .
Raveendra Saturday, 28 August 2021 05:55 AM
උතුම් ක්‍රියාවක්... සහභාගි වූ සැමට හොඳක්ම වේවා...!
Saman Saturday, 28 August 2021 01:54 PM
කොළඹ වැඩකරන පුද්ගලික අංශවල අයටත් කන්න බොන්න හොයාගන්නේ හරි අමාරුවෙන්... පුළුවන් නම් ආමි එක දාලා හරි එයාලාට කන්න දෙයක් ගන්න පුළුවන් තැන් කිහිපයක් දාන්න. කොළඹ නැවතිලා, පුද්ගලික අංශ වල වැඩකරන අයට ලොකු පහසුවක් එහෙම තියෙනවා නම් රාජ්‍ය අංශ වැඩ කරන්නේ නැති වුණාට බහුතර පුද්ගලික අංශ වල ඉන්න අයට වැඩට යන්න වෙලා තියෙනවා...
හදවත් ඇති මිනිස්සු Saturday, 28 August 2021 06:55 PM
ඔබතුමන්ලාගේ පවුල්වල අයටත් මේ පින් ලැබේවී. මේ හදවත් ඇති ශ්‍රේෂ්ඨ මිනිසුන් කරනා උතුම් කාර්යයකි.