(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට අධිකරණයේ ඇප නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයි පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කියයි.
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශය භාර පොලිස් අධිකාරී විදුර ජයසිංහ සහ වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක යන මහත්වරු අනෙක් නිලධාරීන් දෙදෙනා බව පොලිසිය පවසයි.
පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු එම තඹ කම්හලේ සේවය කළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය පොලිසියේ හා කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ සිදුකළ මෙහෙයුමකදීය.
එයින් සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලිසියේ වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් ඇප ලබා දීම සිදුවී තිබූ බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
COMMENTS
රටට ආදරේ කරන බොහොමයක් පොලිස් නිලධාරින් අතර ඉන්න අතලොස්සක් දෙනා මුස්ලිම් අයගෙන් මුදල් අරගෙන මෙවැනි අකටයුතුකම් වලට ඉඩ දෙන එක ප්‍රසිද්ධ රහසක්. අකුරණ පැත්තේ ගියොත් බලාගන්න පුළුවන් පොලිස් නිලධාරින් ඉදිරියේම රටේ නීතිය උල්ලංගනය කරන හැටි. එහෙම කරලා අහු උනොත් ඉස්සරවෙලාම එල්ලන්න ඕනේ ඔවුන්.
ඕකට සම්බන්ධ අල්ලස් නැත්නම් සෘජු දේශපාලන බලපෑමක් විය යුතුයි. නැතිනම් ඔය තරම්ම නොසැලකිලමත් පොලිස් කොස්තාපල් වරයෙක්වත් පොලිස් දෙපාර්තමේන්තුවේ නැත.
ලංකාවේ පොලිසියේ ඉන්න කට්ටිය ගැන කතා කරලා වැඩක් නැහැ .......
දිගන සිදුවීමේ දී සිංහල තරුණයන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ අය අත්අඩංගුවට ගත්තේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේයී. එහිදී දවස් එකසිය ගණන් සමහර අය අත්අඩංගුවේ පසුවුණා. එතකොට අපිට පැහැදිලි වෙනවා විශේෂ සැලකීමක් මේ අයට දක්වනවා කියලා .කොහොමද ඒක ..!
අශ්වයා ගියපසු ඉස්තාලයේ දොර වහල වැඩක් තියෙනවද? පොලීසිය ප්‍රශ්නකරලා ඔවුන්ට දඬුවම්කලාට ගිය එවුන් අල්ලන්න පුලුවන්ද? මින් ජනතාවට වන අභාග්‍ය බලපෑම දේශපාලුවන්ට වැඩක් තියේවිද, ගණනකටවත් ගනීද, කුමක් කිරීමට හැකියාවක් තිබේද?
ඔය කට්ටියගේ බැංකු ගිණුම් පරික්ෂා කරලා බලන්න....
කලින්නුත් මාවනැල්ලේ සිද්ධියෙන් නිදහස් කරපු කෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධයි කිව්වා නේද. ඒ වගේ ආයිත් කොහේහරි බෝම්බයක් පුපුරවගත්තහම කියන්න මේ නිදහස් කර නමදෙනා ඒකට සම්බන්දයි කියලා. දැන් හොයාගන්න කඩු, කිනිසි පෙන්නන්නේ නැත්තේ මිනිස්සු බයවෙලා ළමයින්ව පාසල් යවන්නේ නැතිනිසානේ, තව කඩු තියෙන්නේ පල්ලි වල වල් කපන්නයි, ගැහැණු ළමයින්වයි ආරකෂා කරන්නනේ. ලංකාවේ වගේ අනුවණ දේශපාලුවන්ට යටවෙලා නීතියයි, ජන මාධ්‍යයි උන්ට ඕනේ විදිහට හසුරවන රටක් ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. තවත් සිද්ධියක් උනහම කියන්න එකෙන් පාඩමක් ඉගෙනගෙන ඉදිරියට ඒ දේ නොවෙන්න කටයුතු කරනවා කියලා.
පොලිස් නිලදාරීන් ගැන පරීක්ෂා කරන්න ඒ වුනාට නිදහස් කරපු මේ අපරාදකාරයෝ නැවත විධිමත්ව උසාවි ඉදිරිපත් කරලා දඩුවම් දෙන්න. මෙහෙම ලිහිල් බවක් තිබුනොත් අපි පාරේ බැහැලා යන්නේ කොහොමද? නිලදාරී මහත්තුරු ජනතාව අද පත්වෙලා තියෙන තත්වේ ගැන ගොඩක් හිතන්න
හිතට හරි දුකයි...! මෙහෙම අවස්ථාවකදීත් ඔය වගේ නම් සාමාන්‍ය අවස්ථාවල කොහොම ඇතිද? අර කිව්වා වගේ මුන්ගේ වත්කම් සොයා බලන්නම ඕනේ...
මතකනේ බොරැල්ලේ ට්‍රැෆික් ඕ.අයි.සී. නඩුවට කට්ටිය දිව්ව දිවිල්ල? එතකොට මේ නඩුවලට ලොක්කෝ පෙනීසිටින්නේ නැද්ද? අන්තිමට කාව හරි මට්ටු කරලා ඔය නීතිඥ, පොලිස් මහත්වරු බේරේවි. රටේ නීතිය සිද්ධවෙන්නෙත් එ්කේ අයිති ගමරාලගේ වැඩ වගේමයි.
නඩුකාරයාගෙන්ද ප්‍රශ්න කළ යුතුයි
ඉදිරියටවත් අත්අඩංගුවට ගන්න අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තා නම් මේ කිසිම බොරුවක් කරන්න වෙන්නේ නැහැනේ...
රටේ පාලනය හරියට ක්‍රියාත්මක වන්නේ නැත. නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නැත. මේවායින් පෙනෙන්නේ රට ගැන, රටේ මිනිසුන් ගැන පාලකයන් තුළ කිසිඳු හැඟීමක් නැති බවයි...
මේ සිද්දිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත්වරයාත් වගකීම බාරගත යුතුයි. පොලිසිය මොනවා කිව්වත් එයාට තිබුනා නීතිපති උපදෙස් ලබාගන්න නිදහස් කරන්න පෙර.
පොලිසිය විසින් මෙම උදවියන් 9 දෙනා වහාම අත්අඩංගුවට ගත යුතුයි. වගකිව යුතු නිලධාරීන් සහ මහේස්ත්‍රාත් වහාම මාරුකර වැඩ අත්හිටුවන්න පරීක්ෂණය අවසන් වෙන තුරු.