(කේ. ආර්.රාජමන්ත‍්‍රී)
උමාඔය බහුකාර්ය සංවර්ධන වාරි ව්‍යාපෘතියට අදාළව, පුහුල්පොළ ප්‍රධාන ජලාශය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය අද(30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වැල්ලවාය, තණමල්විල හා හම්බන්තොට යන ප‍්‍රදේශවල පානීය ජලය හා කර්මාන්තශාලාවලට ජලය ලබා ගැනීමේ අරමුණින් 2011 වසරේදී මෙම වාරි කටයුතු ආරම්භ කරන ලදී. ශ‍්‍රී ලංකා හා ඉරාන රජය එක්ව අමෙරිකානු ඩොලර් මිලියන 514ක් වැයකරමින් මෙහි සංවර්ධන කටයුතු සිදුකර ඇත.
වැලිමඩ - උමාඔයේ ජලය පුහුල්පොළ සිට ඩයරබා දක්වාද, එතැන් සිට වැල්ලවාය කරදගොල්ල දක්වාද, උමං මාර්ග දෙකකින් ගෙන යයි.
ඉරාන තනාපති මොහොමඩ් සහිරි අමිරාණී, මහවැලි හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවි සමරවීර, වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇස්.ඒ. ආර්. බන්දුසේන, ඌව ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්ත, නැගෙනහිර ආණ්ඩුකාර ශාන්ලාල් විජේනායක, මහවැලි අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.