(යොහාන් භාසුර)

දක්‍ෂිණ අධිවේගී මාර්ගය ප්‍රයෝජනයට ගනිමින් වැලිපැන්න ප්‍රදේශයේ ජාත්‍යන්තර කෘෂි නිෂ්පාදන හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම මධ්‍යස්ථානය දකුණු ආසියානු කලාපයේ විශාලතම කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රිය බවට පත්වනු ඇතැයි ද වෙළෙඳ අමාත්‍යවරයා පවසයි.

වැලිපැන්න අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට යාබදව අක්කර 500ක ප්‍රදේශයක කර්මාන්තශාලා, ගබඩා සංකීර්ණ හා බන්දිත ගුදම් සහිත මධ්‍යස්ථානයක් ඉදිකරන බවත් එම කෘෂි ද්‍රව්‍ය තොග ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග කලාපයේ රටවලට ප්‍රතිඅපනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.