IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විල්පත්තු නඩුව ගැන වන සංරක්ෂණ ජනරාල්ගෙන් කරුණු විමසන්නැයි නියෝග

(තිළිණි ද සිල්වා)

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු, කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට පැවසෙන තොරතුරුවල සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා ලබන  සිකුරාදා (19) අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නීතිපතිවරයාට නියම කළේය.

කල්ලාරු රක්ෂිතය කපා දමන බවට සීමාසහිත පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෝසමක් අභියාචනාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ මනෝහර ජයසිංහ මහතා වෙත මෙම නියෝග කරනු ලැබීය.

විල්පත්තු රක්ෂිතය කැපීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමට අදාළව මෙම මෝසම ගොනු කර තිබේ.

එම මෝසම සහ විල්පත්තු වනාන්තර කලාපය හෙළිකර සිදුකර තිබෙන නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍ර ගොනු කළ රිට් පෙත්සම අද (15) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දන්වා සිටියේ විල්පත්තු ජාතික වනාන්තර කලාපයට මීටර් 400ක් පමණ ආසන්නයේ පිහිටි මරිච්චුකට්ටු, කල්ලාරු වනාන්තරයේ ඇතැම් ප්‍රදේශ කිසියම් පිරිසක් විසින් එළිකර එහි අනවසර ඉදිකිරීම් රැසක් සිදුකරමින් තිබෙන බව සඳහන් කළේය.

වන සංරක්ෂණ පනතේ තුන් වන වගන්තියට අනුව මේ ආකාරයෙන් වනාන්තර හෙළි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එම වරදට වරදකරු වන පුද්ගලයකුට වසර පහක් දක්වා සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක් දක්වා දඩ නියම කිරීමට අධිකරණයට හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නේය.

එමඟින් විශාල පරිසර හානියක් සිදුවන බැවින් එම රක්ෂිතය කපා දැමීම අත්හිටුවන අතුරු තහනම් නියෝග නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ වනාන්තර පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ පළ කෙරුණු වාර්තා පදනම් කරගෙන පෙත්සම්කරු මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන බවට චෝදනා කළේය.

පෙත්සම්කරු පවසන පරිදි කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට එල්ල කරන චෝදනාවල ඇත්ත නැත්ත තමන් නොදන්නා බවද රජයේ නීතීඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙහිදී ජනක් ද සිල්වා විනිසුරුවරයා රජයේ නීතිඥවරයාගෙන් මරිච්චකට්ටු වනාන්තර කලාපයේ වර්තමාන තත්ත්වය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා උපදෙස් ලබාගෙන තිබෙනවාද යන්න  ප‍්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම කරුණට අදාළව තමන්ට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට හැකියාවක් නොලැබු බවත් , ඊට තමන්ට උපදෙස් ලබා ගැනීමට කල් අවශ්‍ය බවයි.

මෙම කරුණට අදාළව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන 19 වැනිදා  අධිකරණය දැනුවත් කරන ලෙස රජයේ නීතිඥවරයාට අභියාචනාධිකරණය නියම කළ අතර රිට් පෙත්සම එදිනට කැඳවීමට තීන්දු කරන ලදී.

පෙත්සම්කරු වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ සහ නිල්මල් වික‍්‍රමසිංහ යන නීතීඥවරු ද, නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා ද පෙනී සිටියහ.



අදහස් (5)

විල්පත්තු නඩුව ගැන වන සංරක්ෂණ ජනරාල්ගෙන් කරුණු විමසන්නැයි නියෝග

samira Monday, 15 July 2019 02:13 PM

වැඩක් නෑ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       341

සමන් - ඕමානයTuesday, 16 July 2019 04:41 AM

අපිට මතකයි මින් ඉහතදී විල්පත්තු වන විනාශය ගැන අවුරුදු 4ක් 5ක් තිස්සේ ඇසුණු නඩුවක්, තීන්දුව ප්‍රකාශ කරන්න දින කීපයකට කලින්, අදාළ විනිශ්චයකාර තුමා එම නඩුව ඇසීම හිටි ගමන්, කිසිම හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කල වග. අවුරුදු ගණනාවක් ඇසුණු නඩුව අපතේ ගියා. ගරු අධිකරණය වෙත පුර්ණ ගෞරවයෙන් මම මේ පහත සඳහන් කරුණු අහන්නේ අපගේ දැනගැනීම උදෙසායි. ඒ ඇසුණු නඩුවට යන කලදසාව කුමක්ද? ගරු විනිශ්චයකාර තුමන්ලා හට තමන්ගේ වගකීම් හා යුතුකම් පිළිබඳව උපදෙස් මාලාවක් අඩංගු ලේඛනයක් ලබාදී නොමැතිද? එතුමන්ලා පිලිපැදියයුතු සාරධර්ම පද්ධතියක් (ETHICS) නොමැතිද? ගරු විනිසුරු තුමන්ගේ එම තීරණයට හේතු, රටේ මහජනතාව වන අපහට දැනගැනීමට හැකියාවක් තිබේද? ගරු අගවිනිසුරු තුමන් එම නඩුව පිළිබඳව ගත් තීරණය කුමක්ද?

:       0       12

ranjith Tuesday, 16 July 2019 02:23 AM

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය දෙන ජනතාවට පේනවා වනාන්තර බොහොමයක් අද විනාශයි. එයාලගේ නීතිය තියෙන්නේ අහිංසක මිනිහෙක් තමන්ගේ ඉඩමක ගහක් කපා ගන්න ගියොත් විතරයි

:       0       0

Nuwan Tuesday, 16 July 2019 06:23 AM

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජලය අනෙකුත් ජලාශවලට මුදාහැරීම හේතුවෙන් එහි ජලය සිඳී ගොස් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ ජලාශයට යටවූ ගම්මාන 12 ක් පමණ නැවත මතුවී තිබේ.

:       0       16

shan Tuesday, 16 July 2019 10:28 AM

මේකත් පොලිස්පති හිරේ ගියා වාගේ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site