(අතුල බණ්ඩාර)
වන සතුන් දඩයම් කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවී වාඩියක් ඉදිකරගෙන සිටි යුදහමුදාවේ ව්ශ්‍රාමිකයෙකු ඇතුලු දඩයක්කරුවන් අට දෙනෙක් වනජීවී නිලධාරීන් විසින් ඇත අඩංගුවට ගනු ලැබුහ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ හුණුවිලගම වනජීවී ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මුර සංචාරයේ නිරතව සිටියදී වනෝද්‍යානයේ පාළු ඉලන්දගහවැව ප්‍රදේශයේ වැඩියක් ඉදිකරගෙන සිටි මේ දඩයක්කරුවන් අට දෙන හසුවී තිබිණි.
අත් අඩංගුවට ගත් මොවුන් ළඟ බෝර දොළහ පතරොම් තුවක්කුවක් ,බඳින තුවක්කු හයක් සහ පුරවනලද බෝර දොළහ පතරොම් පහක් තිබු බව වැටලීම සිදුකළ වනජීවී නිලධාරීහු පවසති.
නොච්චියාගම තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අට දෙනා අතර, යුද හමුදාවේ විශ්‍රාමිකයාට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වලින් මෑතකදී රජයේ සේවය සඳහා බදවාගත් බහුකාර්ය කම්කරුවෙකුද සිටින බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මේ සැකකරුවන් අට දෙනා අද (08) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබුණි.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ භාරකරු සුරංග රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් වනසත්ව ක්ෂේත්‍ර සහායකවරුන් වන ජේ.ඒ.එස්.කේ.ජයකොඩි,කේ.ඒ.සී.අතුල කුමාර සහ නොයෙල් ප්‍රනාන්දු, සිවිල් ආරක්ෂක බලකායේ භටයින් වන ධනුෂ්ක ඉඳුනිල්,එස්.පී.ආර්.පතිරණ සහ සී.ජේ.දිසානායක, මාර්ගෝපදේශක කාලිංග මධුසංක යන මහත්වරු මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.