
(ඉන්දිකා රාමනායක)
ඇසේ සුද රෝගයෙන් පෙළන බන්ධනාගාර රැඳවියන්ගේ ඇගේ සුද ඉවත් කිරීමේ ශල්‍යර්ම සිදු කිරීම සදහා අද (18) බන්ධනගාර රෝහලේ විශේෂ ශල්‍යාගාරයක් විවෘත කර ඇත.
අද දිනය තුළ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 25 ට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගර ගත ව සිටින රැ`ඳවියන්ගෙන් වැඩි ප්‍රමාණයක් අක්ෂි ආබාධ වලන් පෙළෙන බවත් ඉන් වැඩිම ප්‍රමාණයක් ඇසේ සුද හටගැනීමේ රෝගයෙන් පෙළෙන බවත් හෙතෙම කීය.
ඇසේ සුද රෝගයෙන් පෙළන සිරකරුවන් සහ සැකකරුවන් ට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සදහා බන්ධනාගාර නිලධාරීන් මෙතෙක් ඔවුන් ඇස් රෝහල වෙත යොමු කළ බවද හෙතෙම කීය.
අක්ෂි රෝහලේ අධ්‍යක්වරයා , සහකාර වෛද්‍ය අධ්‍යක්ෂ , බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු පිරිස සමග සිදුකළ සාකච්ඡාවක ප්‍රතිපථයක් මත අද දිනයේ මෙම ශල්‍යාගාරය විවෘත කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මින් ඉදිරියට කොළඹ බන්ධනාගරය ඇතුලු සියලු බන්ධනාගර රැඳවියන්ගේ සහ සිරකරුවන්ගේ ඇගේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සදහා ඔවුන් වැලිකඩ රෝහලට මාරු කර ඔවුන්ට අවශ්‍ය ශල්‍යකර්මය සිදුකළ හැකි බවද හෙතෙම කියා සිටියේය.
මෙම බන්ධනාගර සෞඛ්‍ය ක්ෂෙත්‍රය මගින් සිදුකළ ඉතා වටිනා සේවයක් වශයෙන් හිදින්විය හැකි බවද හෙතෙම කීය.
මෙම ශල්‍යකර්ම සදහා රෝගීන් රෝහල් ගත කිරීමේ දී ආරක්ෂාව ලබා දීමට විශාල නිලධාරීන් පිරිසක් යෙදවීමට සිදුවන බවත්, ඒ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ඇතුලු විශාල කාලයක් යෙදවීමට සිදු වු බවද හෙතම සඳහන් කළේය.
නව අක්ෂි ශල්‍යාගාරය විවෘත කිරීමෙන් රෝගියා වෙනුවෙන් යොදවන නිලධාරීන් ප්‍රමානය හා කාලය සියල්ල ඉතිරි වන බවද ඒකනායක මහතා කියා සිටියේය.
බන්ධනාගර ප්‍රධාන වෛද්‍යවරියගේ සහ බන්ධනාගර සහකාර අධ්‍යක්ෂක (වෛද්‍ය) වරයාගේ උපදෙස් හා මෙහෙවීම මත, කොළඹ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් අද දිනයේ මෙම අක්ෂි ශල්‍යාගාරය විවෘත කළ බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිකඩ බන්ධනාගර රෝහලට නව අක්ෂි ශල්‍යාගාරයක්