(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 03 වාට්ටුවෙන් විදෙස් මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල් වාට්ටුවේ සිටි රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවන බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා, රිමාන්ඩ් භාරයේ පසුවන ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ,සිරදඩුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතුළු රැඳවියන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ ජේලර්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව වෙනම පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් නිලධාරියා කීය.
COMMENTS
දෙයියෝ ගෙනැවිත් දීලා වෙන්න ඇති...?
අරයා ආවම දුමින්දයි, තංගල්ලේ සභාපතියි දෙන්නම නැවතත් දේශපාලනයේ. දැන් සැපද කියලා නැවතත් අපිට අපෙන්ම පසු කලක අහගන්න වෙයි.
අරයා රජ වුණු ගමන් හොරුන්ට, මිනීමරුවන්ට නිදහසේ ජීවත්වීමට රටක්.. ඉක්මණින් බලයට එන්න.
බීපු අයගෙන් නෙමේ ප්‍රශ්න කරන්න ඕනේ. වාට්ටුව භාර නිලධාරීන්ගෙනුයි. සැකකරුවන් සහ දඬුවම් විඳින්නන් එකට ඉන්න එකම රට මේ අපේ සිරි ලංකාව වෙන්න ඇති.