(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ නෞකාවෙන් ඉවත විසිවූ බහාලූමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ධීවරයන්ට සහ වෙරළාසන්න පදිංචිකරුවන්ට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
අද පෙරවරුවේ සිදු වූ පිපිරීමකින් පසු ඉවතට විසිවූ බහාලූම් තුනක එපොක්සි රිසින් නැමැති නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බවත් එම රසායනික ද්‍රව්‍ය මගින් ස්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවත් ධීවර දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ, කළුතර සහ මීගමුව වෙරළාසන්න ප‍්‍රදේශවල ධීවර ජනතාව මේ පිළිබව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවත් එවැනි බහාලූමක් දුටුවහොත් ළඟම තිබෙන පොලිසිය හෝ ධීවර කාර්යාලය දැනුවත් කරන ලෙසත් ධීවර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නැවේ ගිනිගන්නා උෂ්ණත්වය 85% යිලු නේද?
මේක නම් ඉන්දියන් කාරයින් අපිට කෙළින්නම එවපු නැවක්... සරත් ෆොන්සේකාත් කියලා තිබුණේ ආර්ථිකේ අඩපණ කරලා ආණ්ඩුවක් පෙරළන්න පුළුවනි කියලා..