(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දින තුනක සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 81ක ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ප්‍රධානී චමින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් දඹුල්ල, යටවත්ත, පල්ලේපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙසේ කඳවුරු පිහිටුවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
යටවත්ත ප්‍රදේශයේ පවුල් 47 පල්ලේපොල ප්‍රදේශයේ කඳවුරු පිහිටුවා ඇත. දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකක පවුල් 22 ක්, පල්ලේපොල ප්‍රදේශයේ 12ක් ආකාරයෙන් රඳවා තිබේ.
දින තුනක සිට මේ දක්වාම නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 70කට පමණ හානි වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මාර්ග 12ක පමණ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වන ආකාරයෙන් ගස් කඩා වැටීම් නායයෑම් සහ ජලයෙන් යටවී වාර්තා වී තිබේ.
අද (21) දහවල් වනවිට මෙම තත්වය හාත්පසින්ම වෙනස් විය හැකි බවත් තොරතුරු වාර්තා වීම් පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කණ්ඩලම වැව ඉබ්බන්කටුව ජලාශයේ දඹුල්ල පන්සලේ වැව පහළ වැව රන්දෙනිය වැව තවමත් පිටාර ගලමින් පවතී. එසේ පිටකරන ජලය දඹුලු ඔය හරහා කලා වැවට මුදා හැරේ. පහළ ප්‍රදේශ මෙම ජලගැලීම හේතුවෙන් යටවී ඇත. දඹුල්ල ගම්උදාව ප්‍රදේශයේ කොටසක් ජලයෙන් යටවී තිබේ. තම්මන් ඇළ පිටාර ගැලීම නිසා නව පාදෙණිය ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.



2025 දෙසැම්බර් මස 18
502
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වර්ෂාව හේතුවෙන් මාතලේ පවුල් 81ක් ආරක්ෂිත ස්ථානවලට
Ameesha kulathunga Saturday, 21 December 2019 08:52 AM
අපි දෙසැම්බර් 26 මාතලේට ට්‍රිප් එකක් යන්න ඉන්නේ... ඒ වුණාට මේ තද වර්ෂාව නිසා යන්න වෙන්නේ නෑ. පුළුවන්නම් විසඳුමක් දෙන්න.
sunilSaturday, 21 December 2019 02:05 PM
බෝට්ටු අරගෙන යන්ට...
විනිවිදSaturday, 21 December 2019 02:28 PM
ට්‍රිප් එකක් යන්න අවශ්‍ය නැත. ට්‍රිප් එකට සහභාගිවන සියලුදෙනා එක්ව, වියදම්වන මුදල් එකතුකොට ඔබ ප්‍රදේශයේ තද වර්ෂාව නිසා හෝ ගංවතුරින් ප්‍රදේශයේ අනාථව කඳවුරු සිටින ජනතවට සහනයක්, උණුසුම් තේ, කොපි හෝ කෑමවේලක් ලබාදීමට කතයුතු කරන්න. මේ වෙලාවේ දෙන්න පුළුවන් හොඳම විසඳුම එයයි.
Bamunuarachchi Tuesday, 24 December 2019 10:40 AM
මොන දුක් කරදරේ සිටියත් පොටෝ එකක් ගන්න කොට සිනහ වෙනවා කොච්චර හොඳද?