
( අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් නොමැතිව වරායේ ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද (19) ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව එම සහල් කන්ටේනර් ඉදිරි දින කිහිපයේ වරායෙන් නිදහස් කරගැනීමට හැකිවන බව ඔහු සඳහන් කළේය.
එම සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ වෙළෙඳ පොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි කී ඇමති ගුණවර්ධන මහතා පෞද්ගලික අංශයෙන් සහ සතොස මගින් ආනයනය කරන සහල් තොග ද වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සමග සහල් මාෆියාව අවසන් වනු ඇතැයි ද සඳහන් කළේය .
COMMENTS
හයියෝ, පෝර නවත්තලා, හාල් නැති කරලා, සල්ලි වලට හාල් රටින් ගේනවා. මේවා කොමිස් කුට්ටි කඩාගන්න සැලසුම් කරලා කරන වැඩ... මිසක් අහම්බෙන් වෙන දේවල් නෙමෙයි...
ආ දැන් එතකොට ඩොලරුත් අච්චු ගහන්න පටන් අරන්ද ?හොරා කාලා ඇති වෙලාද ?
මේ හාල් තොග වරායෙන් නිදහස් කරන එක සජීව විකාශන කරලා, රිබන් පටි කපලා, මහා ලොකු උත්සවයකුත් ගත්තොත් හොඳයි නේද? එතකොට අපිට ආඩම්බරයි. එහම කළොත් අර සුදු ළූණු කතාවත් අමතක වෙන්න පුළුවන්...!!!
අනේ මෙතුමා තවත් ලැජ්ජා නැතිව වෙළෙඳ ඇමැතිකමේ ඉන්නවනේ...
අනේ මෙහෙමත් මොට්ට වැඩක්...
හිගා ගත්තු හාල් ලංකාවට ගේනවිට ලොකුවට උත්සවයක් ඕන දැන් ඉතින් කුඹුරු කොටල මහන්සි වෙන්නෙ මොකටද කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් වෙන මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නනේ එදාට .අපේ ශාඛා සමිතිය අපේ ගමේ අයට ලොකුම කිරිබත් සංග්‍රහයක් කරන්න ඉන්නවා .චීන හාල් එන්න පෙර සතොස හරහා සුදු හාල් ටිකකුත් අඩුවට දෙන්න අපෙ දෙයියො. .
හ හ හා..........