IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


වරායේ වර්ජනය නිසා මිලියන 500 ක පාඩුවක්


(විනීතා එම් ගමගේ)

වරාය සේවකයන් විසින් ඉකුත් 31 වැනිදා සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 500 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතා ලංකාදීපයට අද පස්වරුවේ  (02) පැවැසීය.
 
සාමාන්‍යයෙන් දිනකට වරායේ ආදායම රුපියල් මිලියන 120 ක් පමණ වන බවත් ඉකුත් දින තුනේ දී එම ආදායම් සියල්ල අහිමි වූ බවත් ඔහු කියා සිටියේය.
 
කෙසේ වෙතත් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ඇතුළු ප්‍රශ්නවලදී ජනතාවට විඳින්නට සිදුවන අපහසුතා සියල්ල ජනතාවගෙන් ඉවත් කර වරාය අධිකාරිය විසින් එම පාඩුව විඳින්නට තීරණය කොට ඇති බවත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අද පස්වරුවේ ආරම්භ කළ බවත් ඒ අනුව එහි ක්‍රියාකාරිත්වය හෙට දවස තුළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
 



අදහස් (3)

වරායේ වර්ජනය නිසා මිලියන 500 ක පාඩුවක්

Sachin Sunday, 02 August 2020 12:04 PM

විකුණනවද? නැද්ද? ඔය උත්තරේනේ කට්ටිය බලාපොරොත්තු වුණේ..

:       0       0

විජිත් Sunday, 02 August 2020 03:43 PM

ඔය ලාබ ඔක්කොම නැතිවෙනවා වරාය කොහේ හරි ඉන්න චීනෙකුට හෝ ඉන්දියන්කාරයෙකුට වික්කොත්. ඒක නොවෙයි දැන් ප්‍රශ්නය ඔය විකුණන කොන්තරාත්තුවේ තියෙන "නමක් නොමැති " කොටස්කාරයා කව්ද..? මාලදිවයිනේ කෝච්චි සම්භවයක් ඇති ජොන්ස්ටන්ද..? නාමල් රාජපක්ෂද..? බැසිල් රාජපක්ෂද...? නිරුපමාගේ මනුස්සයා වන ඉන්දියන් කාරයාද..? මිනිස්සුනේ දැන් ඇති අපි බෙදිලා හිටියා. මේක අපේ රට.. නුඹලා මොන ජාතියේ වුණත් මේ රටේ ඉපදුණා නම් මේක නුඹේ රට. ඒ වගේමයි මේ අපේ රටේ වරාය. ඒක අපේ... එහි අනාගතය තීරණය කරන්න කොහෙවත් ඉන්න.. තාවකාලිකව.. බලය දුන්න හිඟන්නෙකුට බලයක් නැහැ. දේශපාලුවෙක් (අපේ රටේ දේශපාලකයින් නැහැ) කියන්නේ හිඟන්නෙක් පමණයි. ඒ හිඟන්නට බලයක් නැහැ රටේ දේපළ චීනාටයි, ඉන්දියන් කාරයාටයි, ඇමෙරිකන් කාරයාටයි විකුණන්න. වරායේ බලය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතුවිය යුතුමයි. ඒ විතරක් නොවෙයි.. දැන් අපි යමක් එකතුවෙලා කළයුතුමයි. අපි ටිකෙන් ටික චීන සහ ඉන්දියන් භාණ්ඩ වර්ජනය කළයුතුයි. ඒ සඳහා අපේ නිෂ්පාදකයින් ඒ භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ යුතුයි. මුතු අතරින් අනගිම මුතු ‘‘එකමුතු" ලු.

:       0       0

විජිත් Monday, 03 August 2020 04:50 AM

ඔය ලාබ ඔක්කොම නැතිවෙනවා වරාය කොහේ හරි ඉන්න චිනෙකුට හෝ ඉන්දියන් කාරයෙකුට වික්කොත්. ඒක නොවෙයි දැන් ප්‍රශ්නය ඔය විකුණන කොන්තරත්තුවේ තියෙන " නමක් නොමැති " කොටස් කාරයා කවුද ...?

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 738 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 898 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 373 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site