(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ දී 19 සහ 20 දිනවල විවාදයට ගැනෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සියලු දෙනාගේ සහය ලබාදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආන්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ආන්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති අතර එහිදී අගමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
වරාය නගර පනත් කෙටුම්පතේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ද ,එමගින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ ගැන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින්ද එහිදී විශේෂ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
වාසුදේව නානයක්කාර ,උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,වීරසුමන වීරසිංහ , දයාසිරි ජයසේකර,මහින්ද අමරවීර ,විමල් වීරවංශ ,සාගර කාරියවසම්, ජීවන තොන්ඩමන් ,ගෙවිඳු කුමාරතුංග,ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහභාගි වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.