IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


වරාය නගරයේ තීන්දුව කතානායකට

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)
වරාය නගර ආර්ථික කොමිෂන් පනත මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කරන්නැයිද අදාළ කොමිෂන් පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලමින් ඉදිරිපත් කොට පෙත්සම සම්බන්ධ තීන්දුව කතානායකවරයාට දැනුම් දෙන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති  වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බවද පෙන්වා දෙමින් ඉදිරිපත් කොට තිබු මෙම පෙත්සම් දින 05 ක කාලයක් පුරා විභාගයට ගත් අතර පෙත්සම් විභාගය අවසන් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අ`ථවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාග කෙරිණි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය , එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිිමේන්තු මන්ත‍්‍රවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර , හර්ෂණ රාජකරුණා,  ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්,  එහි ලේකම්  නීතීඥ  රජීව්  අමරසූරිය,තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ජී .කමල් රේණුක පෙරේරා,  විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, ලෙස්ලි දේවේන්ද්‍ර, ජී.එස්.ශ්‍යාමලී, ශ්‍රී ලංකා පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, රජික කොඩිතුවක්කු, ආචාර්ය අජන්තා පෙරේරා, බන්දුල චන්ද්‍රසේකර, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, නාගානන්ද කොඩිතුවක්කු,  රවීනා ගයේන් ද සිල්වා විසින් මෙම පෙත්සම් ගොනු කරන ලද මෙම පෙත්සම් වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කොට ඇත.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් රජයේ පාර්ශවය වෙනුවෙන් අමාත්ය් ජිගඑල්ග පීරිස්, ශ්රිෙ ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී  සාගර කාරියවසම්, ශ්රිෙ ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයල මුදල් අමාත්යාං ශයේ ලේකම්වරයා, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් රැසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කොට ඇත.

 

 



අදහස් (1)

වරාය නගරයේ තීන්දුව කතානායකට

I M WIJEWARDANE Friday, 23 April 2021 12:49 PM

පාස්කු ෂෝ එකේ 02... මොනවත් වෙන්නේ නැහැ...

:       20       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1078 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site