
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
2022 වසර සදහා වාරියපොළ ප්‍රාදේශීය සභාවේ අද (12) ඉදිරිපත් කළ අයවැය ඡන්ද තුනකින් පරාජයට පත්විය. සභාපති ඩී.එම්.ටී. බී. දිසානායක මහතා විසින් මහ සභාවට අයවැය ඉදිරිපත් කළේය. එහිදී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අයවැය යෝජනාවේ අඩුපාඩු පෙන්වා දෙමින් කතා කළහ.
ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අනුර සුදර්ශණ මහතා ඇතුලු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අයවැයට යෝජනාවට විරුද්ධව අදහස් ප්‍රකාශ කළහ.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය යෝජනාව සදහා ඡන්දයක් ඉල්ලා සිටි අතර සභාපති වරයාගේ පිළිතුරු කතාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දයක් විමසීය.
එහිදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 18 කුත් යෝජනාවට විරුද්ධව ඡන්ද 21 කුත් ලැබී තිබිණ.
වාරියපොල ප්‍රාදේශීය සභාවේ සංයුතිය වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 23, එක්සත් ජාතික පක්ෂය 12, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 03, ජනතා විමුක්ති පෙරමුණ 02 ශ්‍රී ලංකා මහජන පක්ෂය 01 වශයෙනි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාරියපොළ ප්‍රාදේශීය සභාවේ අය වැය ආණ්ඩුපක්ෂය පරදි