(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබා දීම අද (6) දහවල් 2.30 තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
මහබැංකු බැඳුකර සිද්ධිය සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් වරයා මේ බව ප්‍රකාශ කළේය.
වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින් නීතීපතිට ප්‍රශ්න 7 කින් යුත් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා පිළිතුරු දිය හැකි දැයි විමසු අවස්ථාවේදී පිළිතුරු දීමට හැකියාවක් ඇතැයි නීතීපතිපති නියෝජන කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැවසූ අතර ඒ වෙනුවෙන් වේලාවක් ලබා දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළාය.
ඒ අනුව නඩුව යළි 2.30 ට කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
• අදාල වර්ෂයේදී බැදුකර වංචාවට අදාළව කොපමණ බැඳුකර නිකුත් කර තිබුණාද?
• එයින් කොපමණ වංචාවක් සිදු වූවාද?
• සේව අර්ථසාධක අරමුදලේ ආයෝජනය සඳහා කොපමණ මුදලක් යොදා තිබුණාද?
• අර්ජුන් මහේන්ද්‍රන් සමඟ පර්පෙචුවල් ටෙෂරීස් සමාගම ඇති සබඳතාවය කුමක්ද?
• මහ බැංකු බැඳුකර සිද්ධිය සම්බන්යෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින මහ බැංකුවට සම්බන්ධ නිලධාරීන්ට වරෙන්තු නිකුත් කිරීමට අදාල සාක්ෂි කෙසේ පදනම් වනවාද? ආදී ප්‍රශ්නාවලියක් නීතීපතිට යොමු කර තිබේ.
බැඳුකර වෙන්දේසි වලසිදු කරන ලද අපරාධමය වැරදි වලට සම්බන්ධයෙන් චෝදනා එල්ල වු සැකකරුවෝ 12 දෙනා පහත පරිදිය .
පසුගිය 4 වැනිදා ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
1 .පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2 . සන්ද්‍රේශ් රවින්ද්‍ර කරුණානායක
3 .ලක්ෂ්මන් අර්ජුන මහේන්දුන්
4 .අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්
5 .පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි
6 .ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්
7 .චිත්ත රංජන් හුළුගල්ල
8 .මුත්තුරාජා සුරේන්ද්‍රන්
9 .අජාන් ගාර්දියෙ පුංචිහේවා
10.තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර
11.සංගරපිල්ලේ පදුමනාපන්
12.පදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර
COMMENTS
තම උපන් රටට අවංකව ආදරය කරන ලාංකිකයන් මොහුට වරෙන්තුව නිකුත්කර තිබෙන්නේ දශක කීපයකට පෙර.
මේ රටේ විශාලතම වංචා මේ මහබැංකු බැදුම්කර වංචා බව කවුරුත් දන්නා සිද්ධියක්. නමුත් අත්අඩංගුවට ගන්න තියන අමාරු. පොල් අඹ ගෙඩි හොරුන්ටත් මේ වරප්‍රසාද තිබුණුත් සාධාරණයි.
මෙතුමාට වරෙන්තු නිකුත් නොකරන්න හේතුවක් තියෙනවද? අපි වසර ගණනක් තිස්සේ මෙතුමාගෙන් රටට අහිමි වූ ධනස්කන්ධය කවදාද අයකරගන්නේ කියලා...
මම පහුගිය අවුරුදු ගානක් පුරාම යහපාලනයට විරුද්ධව පොහොට්ටුව වෙනුවෙන් ලංකාදීපයට කමෙන්ට් දාපු කෙනෙක්. ඒ නිසා මේ ලියන කමෙන්ට් එකෙන් මම රවී කරුණානායකට පක්ෂයි කියල හිතන්න එපා. නමුත් මට නීතිපතිතුමාගේ (දප්පුල ලිවේරා) ගැන අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. එතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවකයෙක් හැටියට බැඳුම්කර මගඩිය එළිකරන්න රට වෙනුවෙන් විශාල සේවයක් කරපු රටට ණය නැති ලංකා පුත්‍රයෙක්. නමුත් ඔහු ඒ කරපු දේ ගැන අද නීතිපති තනතුරේ ඔහුම ඉඳගෙන තවදුරට හොරු අල්ලන්න කියන එක ඉංග්‍රීසි භාෂාවේ එන කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් (තනතුරු දෙකම එක තැනැත්තෙක් දැරීම නිසා එන විනිවිද භාවයේ ප්‍රශ්න) යන තත්ත්වය ඇතිවෙනවා නේද?
ඒ කියන්නේ... මෙගොල්ලොත් මේ නඩුව අපිව නටවන්න තමයි පාවිච්චි කරන්නේ. කවදාවත් අත්අඩංගුවට ගන්නෙත් නැහැ. බැඳුම්කර හොරුන්ව අල්ලන්නෙත් නැහැ. අපි ත් මැරිලා අපේ ළමයින්ගේ ළමයි ඉන්න කාලේවත් මේවා විසඳන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. මේ දෙගොල්ලෝ කරන්නේ දෙගොල්ලන්ගේ පිටවල් කහ ගන්න එක විතරයි.
එතකොට 2015ට ඉස්සර හොරු නඩේට මොකද කරන්නේ..?
වරෙන්තු කොහොම වෙතත් රටේ ජනතාව බලා සිටිනවා. අදාල පුද්ගයින්ට එරෙහිව ගන්නා නීතිමය පියවර පිළිබඳව.... එය අධිකරණය කෙරෙහි රටේ ජනතාව තබන තීන්දුවට බෙහෙවින් බලපානවා. අනාගතයට එය තදින්ම බලපාවි...
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවාම මට හරිම කණගාටුවක්, කලකිරීමක් ඇතිවෙනවා..
අනේ මෙහෙමත් නාටක. පුදුම මහේස්ත්‍රාත් ගොයියෝ ලංකාවේ ඉන්නේ. අහිංසක මිනිසුන්ට පොඩි වරදකට හරි දඬුවම් දෙන්න නම් දන්නවා. කෝටි ගණන් හොරකම් කරපු අයට වරෙන්තු නිකුත් කරන්නත් බයයි. යටින් ඩීල් යනවද දන්නේ නැහැ. අර අහලා තියෙන හතරවෙනි ප්‍රශ්නේ දිහා බැලුවම හිතනවා මහේස්ත්‍රාත්වරයා ඉන්නේ මේ රටේද කියලා..? අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් කියලා මුළු රටම දන්නවා. නමුත් මහේස්ත්‍රාත්තුමා දන්නේ නැහැ.
ඇත්තම කියනවනම් අපේ රටේ සැමට පොදු නීතියක් නැහැ. ලොකු ලොක්කො වෙනුවෙන් උසාවියෙන් නිකුත් කරන නීති තර්ක එක්ක සාදාරන විනිශ්චක් දකින්න පුලුවන කන කැස්බෑව වියසිදුරින් අහස දකිනව වගේ අවස්තාවක පමනයි
බලන්න නම් ලිස්ට් එක. හොරකම් කරනකොට සුළු මහා ජාති නැහැ. දෙකම එකතු වෙලා.
සහතික ඇත්ත ඩොලර් කෝටි ගණනින් හොරකම් කරනකොට නම් සුළු, මහ ජාති නැහැ... හැමෝම එකතුවෙලා වැඩේ දීලා තිබෙන්නේ.... ලංකාවේ මහා බැංකුවේ ලොකුම තනතුර දරමින් ලංකාවේ ලොකුම මූල්‍ය වංචාව කරන්න සුළු ජාතිකයෙකුට පුලුවන් නම්..., මේ ජිනීවා ගිහින් නටන නාඩගම කුමක්ද?
ඔය ඔක්කෝටම කලින් වරෙන්තුව නිකුත් කරනවද කියලා කලින් විනිසුරුතුමා රන්ජෙක් එක්ක කළා වගේ විනිසුරුතුමා දැන් පාර්ලිමේන්තුවේ බලේ ඉන්න ජොනී හෝ රත්‍රන් කෙනෙකු එක්ක දුරකථන සාකච්ඡාවක් කරන්න ඕනේ..., ඊට පස්සේ ඔහු රවීට කතාකරලා ඩීල් එක දමනවා. ඊට පස්සේ ජොනී හෝ රත්‍රන් විනිසුරුට ඕකේ එක හෝ නොට් ඕකේ එකදෙනවා. මේ ඔක්කොම කරන්න පැය කිහිපයක් යනවා. දැන් ඉස්සර වගේ කෝල් දෙන්න බයනිසා අදාල පුද්ගලයින් මුණ ගැහිලාම කතා බහ කරගන්නම ඕනේ... ගමේ පොඩි සොරකමක්, රුපියල් 10000 -15000 චෙක් සොරකමක්... ක්‍රෙඩිට් කාඩ් සොරකමක් කරපු කෙනෙකුට වරෙන්තු කරන්න ජෝනීගෙන් අහන්න ඕනේ නැහැනේ කෙලින්ම කරන්න පුළුවන්... ඒවා උදේ වරුවේම දෙනවා. රවීගේ එක දෙන්න වෙන්නේ උසාවියේ වැඩ ඉවරවෙලා... හවස 5ට විතර.. සමහරවිට රතු සිග්නල් අාවොත් වරෙන්තුව නිකුත් කරන්නෙම නැහැ...
මම කලින් කිව්ව වෙලාව හරිනේ නේද?