(ඉන්දිකා රාමනායක)
වරාය නගරය අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට කටයුතු සඳහා අනවසරයෙන් පුද්ගලයන් සිවුදෙනකු රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම චීන ජාතිකයා අධිවේගී මාර්ග කටයුතු ඉදිකිරීම සඳහා මිනිස් ශ්‍රමය සපයන පුද්ගලයකු බවත් එහි රාජකාරි සඳහා මෙම පුද්ගලයන් සිව්දෙනා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.
රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් සිව්දෙනා පොතුවිල් ප්‍රදේශයෙ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වරාය නගරය තුලට පිවිසීම සඳහා ඔවුන්ට කිසිදු අවසරයක් ගෙන නොතිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... මේ මොන විහිළුවක්ද? තානාපති කාර්යාලයෙන් මේක විසඳයි. කියවන අපේ කාලෙත් අපරාදෙ.. ඒ අයට දුන්නු රටනේ... !
මොන මගුලකටද ඔය චිනාව පණපිටින් ඇරියේ.? චීන්නු දැන් ඔනවාට වැඩියි.