(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ගුරුවරුන්ගේ වැඩ වර්ජනය පැවතුණ ද සබරගමු පළාතේ පාසල්වල වාර විභාග කටයුතු ඇතුළු ඉගැන්වීම් සාමාන්‍ය පරිදි අද (18) පැවැත්වූ බව සබරගමු පළාතේ පාසල්වල විදුහල්පතිවරු පැවසූහ.
පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පු ආරච්චි මහතා පැවසුවේ සබරගමු පළාතේ අධ්‍යාපන කටයුතු වලට මේ වැජවර්ජනය බලනොපෑ බවයි.
බොහෝ පාසල්වල සේවය කරන ගුරුවරුන්ගෙන් 95% ක් පැමිණ තිබූ අතර තවත් පාසල් අතරින් 10%ක් නොපැමිණි පාසල් ද විය.
ගුරුවරුන් පැමිණ සිටි හෙයින් මේ දිනවල පැවැත්වෙන වාර විභාගය බාධාවකින් තොරව පැවැත්වීමට ක‍්‍රියා කළ විදුහල්පතිවරු පැවසුහ.
පාසල් ළමයින්ගේ පැමිණීම පාසල් කිහිපයක හැර බොහෝ පාසල්වල සාමාන්‍ය මට්ටමේ පැවති බවද විදුහල්පතිවරු පැවසූහ.
සමහර පාසල්වල ළමයින්ගේ පැමිණීම ද 80%කින් පමණ බවද විදුහල්පතිවරු කීහ. ඇතැම් පාසල්වලට පැමිණි දරුවන් ආපසු හරවා යැවීමක් සිදු නොකළ බව එවැනි පාසල් වල විදුහල්පතිවරු පැවසූහ.
තමන්ගේ පාසල්වලට ගුරු වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති විසින් දැනුවත්වීම් නොකළ නිසා ගුරුවරු වැඩි ප‍්‍රමාණයක් සේවයට වාර්තා කර ඇතිබව බොහෝ විදුහල්පතිවරුන් කීහ.
මේ මෙම වැඩවර්ජනයේ පළමු දිනය සබරගමු පළාත තුළ සාර්ථක බව වර්ජනයට සම්බන්ධ ගුරු නියෝජිතයෝ පැවසූහ. ඔවුන් පැවසුවේ සබරගමු පළාතේ 22,000 කට ආසන්න ගුරුවරු අතරින් අද (18) 80%ක් පමණ වැඩ වර්ජනයට එක්වූ බවයි.
එහෙත් පළාත් අධ්‍යාපන බළධාරීන් එය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ඔවුන් පැවසුවේ මේ ගුරුවැඩ වර්ජනය අසාර්ථක එකක් බවයි.
ගුරුවරුන්ගේ පැමිණීම සම්බන්‍ධයෙන් පාසල් දරුවන් පැවසුවේ මේ දිනවල වාර විභාග පැවැත්වෙන නිසා ඒ ගැන ඔවුන්ට වැඩි අවබෝධයක් නැති බවයි.
’‘අපි උදේ ඉස්කෝලෙට ගියා. පන්සිල් ගත්තා. ඊට පස්සේ වාර විභාග පටන් ගත්තා. වෙනදා වගේම පාසැලේ වැඩ කෙරුණා. සර්ලා මිස්ලා ආවේ නැද්ද කියලා අපිට දැනුනේ නෑ’’ පාසල් ශිෂ්‍යයෝ පැවසූහ.
සබරගමු පළාතේ ජාතික පාසල් බොහෝමයක ඉගැන්වීම් කටයුතු සුපුරුදු ලෙස කිසිදු බාධාවකින් තොරව සිදුවූ බව ජාතික පාසල්වල විදුහල්පතිවරු පැවසූහ.
සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ අධ්‍යාපන කලාප හතක පාසල් 1134ක් ඇති අතර ඉන් ජාතික පාසල් කිහිපයක් හැර සෙසු පාසල් සබරගමු පළාත් සභාව යටතේ පාලනය වෙයි. රත්නපුර, ඇඹිලිපිටිය, බළංගොඩ, නිවිතිගල, කෑගල්ල, මාවනැල්ල සහ දෙහි ඕවිට යන අධ්‍යාපන කලාප වල පාසල්වල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි අද (18) සිදුවු බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගෙන් විමසූ විට ඔහු කීය.

2025 සැප්තැම්බර් මස 11
687
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
207
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
861
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වර්ජනය තිබුණත් සබරගමුවේ පාසල්වල ඉගැන්වීම් සාමාන්‍ය පරිදිම
සේන Thursday, 18 July 2019 05:33 AM
ගුරුභවතුන් වර්ජනයේ නම් පොලීසියෙන්ද උගන්වන්නේ?
ලුම්බිණි Thursday, 18 July 2019 06:24 AM
හැම එකටම වර්ජන... විශ්වවිද්‍යාලවල ළමයි වර්ජන, පාසල්වල ගුරුවරු වර්ජන... මීට අමතරව තැපැල් වර්ජන, දුම්රිය වර්ජන, මෙහෙමත් රටක්...
chandana Thursday, 18 July 2019 09:29 AM
පාට කණ්ණාඩි වලින් බලන අමන වහල්ලු ඉන්න රටක් ගුරුවරුත් මීට සහබාගි වන එක තමයි පිරිහීම.....