(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලෝකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද රාත්‍රීයේ පැවැති විශේෂ සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමේ තීරණයට එළැඹි බව ඔහු පැවසීය.
මත්කුඩු ප‍්‍රවාහනය කිරීමට දුම්රිය රියදුරන් සහය දක්වන බවට ඇමති විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශයකට විරෝධය දක්වා අද මධ්‍යම රාත්‍රීයේ සිට හෙට (06) මධ්‍යම රාත්‍රීය දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කි‍්‍රයාත්මක කිරීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබිණි.
අද රාත්‍රීයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැති මෙම සාකචඡාවේදී විමල් වීරවංශ මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධව හෙට (06) දිනයේ ප‍්‍රකාශයක් සිදුකරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වු බවද සංගමයේ ලේකම් ඉන්දික මහතා පැවසීය.
මෙම සාකච්ඡාවේදී අගමැතිවරයාගෙන් සාධනීය විසඳුමක් ලැබුණු බවත් එසේම දුම්රිය ප්‍රමාදය ඇතුළු ගැටළු වලට විසඳුම් ලබාදෙන බවටත් පොරොන්දු වු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
පනික්කියන් කියන මෝඩ කතා...
දේශපාලකයෙක් කියාපු ගොන් කතාවක් අල්ලගෙන වර්ජන කරන්ඩ හිතුවේ මොන එහෙකටද ?
පුදුම දුම්රිය රියදුරෝ රොත්තක්, විමල් විරවංශ කරන ප්‍රකශ වලට පලිගන්න හදන්නේ දුම්රිය මගීන්ගෙන්. විමල් විරවංශ දුම්රියේ ගමන් කරන්නේ නැහැ ඔහුට ගමන් යන්න සුකොපභෝගී වාහන 2-3 විතර සහ පිනට පැට්‍රොල් ලබාදීලා ඇති , දුම්රිය වර්ජන කලා කියලා ඔහුට දැනෙන්නේ නැහැ.
මහින්ද මහත්තයටත් තැනක් නැති කරනවා මේ අය.
මහින්දලා ඉස්සරහා කොහොමත් ඉන්දිකලා කීකරුයි...
දුම්රිය රියැදුරන්ගේ නම ඉංග්‍රීසියෙන් "ලොකමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස්" උනේ කොහොමද?
ඔව් ඉතිං මල් පොහොට්ටු පක්ෂෙට මල් පොහොට්ටු වෘතීය සමිති වර්ජනය කරන්නෙ නැහැනෙ. හැබැයි ගිය ඡන්දෙදි පැයෙන් පැය වර්ජන, අනේ මන්ද.
ඔය වර්ජනය කරන්න හැදුව මහත්වරු අපට කියනවද පසුගිය ඡන්දෙදි වර්ජනය කරලා ඉල්ලපු ඉල්ලීම් ලැබිලද ඡන්දෙන් පස්සෙ වර්ජනය නොකලේ. එක කල්ලියක් කණ්ඩායමක් වෙනුවෙන් මුළු රාජ්‍ය සේවයම අකර්මන්‍ය කරනවා, මෙහෙම රටක්.
දුම්රිය ප්‍රමාදයට විසඳුම් ලබාදෙන බවටත් පොරොන්දු උනාලු. අපි කොහොමද හිනාවෙන්නෙ.
මොකද ඒ චෝදනාව කරපු කෙනා පැත්ත පළාතක නැතුව වෙන පුද්ගලයෙක් එක්ක කල සාකච්ඡාවකින් වර්ජනය අතහැරියේ. වර්ජනයේ මුලික ඉල්ලීම උනේ ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම.
පසුගිය රජය කාලෙ එහෙම ප්‍රකාශයක් ඇමති කෙනෙක් කලානම් බලන්න තිබුනා. කෝච්චි පාරවලුත් ගලවනවා මෙයාලා. නමුත් අද. අපට තියෙන දුක රාජ්‍ය දේපළ දේශපාලනයට යොදාගන්න එක. දැන් හොඳටම පැහැදිලියි මේ වෘතීය සමිතියෙ දේශපාලන පාට.
මේ විදිහට වර්ජන අකුලගන්න තියෙන කීකරුකම මේ රටේ ජනතාවට පැහැදිලි කරනවද? කලින් රජය කාලෙ මතකද ජනතාවට දීපු වදේ. කොහොමහරි කමක් නැහැ, අපට කවුරු බලයෙ හිටියත් මේ විදිහට වර්ජන නැවැත්තුව එක ලොකු දෙයක්. නැත්නම් විමල් මහත්ටයලට සැප වාහන චීන විශ්වවිද්‍යාල එකී මෙකී නොකී සේරම. අපිට කෝච්චියත් නැති කරන්න එපා.
විමල් වීරවංස කියපු දේ සම්පූර්ණ ඇත්ත. දෙමටගොඩ, කැලණිය, වනවාසල, හුණුපිටිය සහ එඩේරමුල්ල යන දුම්රිය ස්ථානවලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් උදැසන 8.30ට පසුව කොළඹින් පිටවන මන්දගාමී දුම්රිය වලට ගොඩවෙනවා... බොහෝ අවස්ථාවල ඔවුන් දෙදෙනෙකු එක දුම්රිය දොරටුවක, දුම්රිය වේදිකාවට විරුද්ධ පැත්තේ පාපුවරුවේ එක අයෙකුත් දොර අසල එක අයෙකුත් මත්ද්‍රව්‍ය සහ ආයුධ සහිතව ගමන් කරනවා. ඔවුන්ට එරෙහිවන තැනැත්තන් හට ඕනෑම වෙලාවක ආයුධ පාවිච්චි කරන්නට ඔවුන් මැලිවන්නේ නැහැ. හොරපේ සිට ඉන් ඉදිරියට ඇති සෑම දුම්රිය ස්ථානයකදීම දුම්රිය නවත්වා නැවත ගමන් අරඹන විට දුම්රිය ස්ථානයේ සිට මීටර් 50 -200 අතරදී දුරකථන මගින් සම්බන්ධ වූ ජාවාරම් කරුවන් හට මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන් මත්ද්‍රව්‍ය පාර්සල් විසිකරනවා. මේ ජාවාරම සඳහා කොළඹ කොටුව, මරදාන, දෙමටගොඩ යන දුම්රිය ස්ථානවලත් දෙමටගොඩ දුම්රිය අංගනයේත් සේවකයන් 10-25 අතර ප්‍රමාණයකුත්, දුම්රිය ආරක්ෂක සේවයේ 12 දෙනෙක් පමණත්, දුම්රිය නියාමකයන් 6 දෙනෙක් පමණ සහ රියදුරන් කීපදෙනෙකුත් සහ පොලිසියේ ඇතැම් නිලධාරිනුත් සම්බන්ධයි..
ජනක කියන දේ ඇත්ත නම් මෙය ඉතා බරපතල කරුණකි. ඇයි ජනක මෙය අදාල නිලධාරීන්ට මෙතෙක් දැන්වූයේ නැත්තේ...?
මේ නාටකයේ අරමුණ මහින්දට ඕනෑම ප්‍රශ්නයක් විසඳිය හැකි යැයි පෙන්වීම...
විමල් විරවංශ කියනදේ ඇත්තනම් ඔහුට කරන්න තිබුනේ වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් මේවා මාධ්‍යවලට දෙන්න ඉස්සර රහස් පොලිසියට හෝ ආරක්ෂක අමාත්‍යංශයට දැනුම් දෙන්න. මට පෙනෙන විදිහට ඔහුට වැදගත් ජාතික ආරක්ෂාව නොවේ ඡන්දෙ ළඟ එන නිසා ප්‍රසිද්ධ වෙන්න වාචාල කතා කියනඑක. නමුත් දුම්රිය රියදුරන්ගේ සිල්ලර වැඩ අනුමත කරන්න බැහැ. මොන ප්‍රශ්නේ ආවත් සාකච්ඡා කරන්න ඉස්සර ඔවුන් කියන්නේ අපි වැඩවර්ජන කරනවා කියලා මේ විදිහට රටක් ඉදිරියට ගෙන යන්න බැහැ ,