(යොහාන් භාසුර)

තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ඊයේ (13) පස්වරු 4.00 ට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (14) පෙරවරුවේ සිට සමස්ත තැපැල් සේවය අඩාල වී ඇති බව තැපැල් හා විදුලිසංදේශ නිලධාරී සංගමයේ ලේකම් ශාන්ත කුමාර මහතා පැවසීය.

වැඩවර්ජනයත් සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ඊයේ මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක නොවූ බව කී ශාන්ත කුමාර මහතා අද පෙවෙරුවේ තැපැල් කාර්යාල රැසක් විවෘත නොකළ බව ද සඳහන් කළේය.

තැපැල් සේවාවේ ප්‍රධානම කාර්යක් වන ලිපි බෙදීමේ කටයුතු ද අද දිනයේ සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බවත් ශාන්ත කුමාර මහතා වැඩි දුරටත් කීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)