ඉන්දියාවේ නව දිල්ලියේ වායු දූෂණය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් නොවැම්බර් 5 වැනදා දක්වා පාසල් වසා තැබීමට තීරණය කළ බව බලධාරීහු පවසති.
වායු දූෂණය හේතුවෙන් දිල්ලි නගරයේ මහජන සෞඛ්‍ය සම්බන්ධව හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.
අවට ප්‍රදේශවල වගාබිම් විශාල වශයෙන් ගිනි තැබීම ද නගරයේ වායු දූෂණය ඉහළ යෑමට හේතුවක් බව ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්‍රිවාල් පවසයි.
ශ්වසන පද්ධතියේ ආබාධ සහිත පුද්ගලයින්ට හා විශේෂයෙන්ම කුඩා දරුවන්ට මෙම තත්වය වැඩි අවදානමක් ගෙනඑන බව ද හෙතෙම සඳහන් කළේය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා....හිතාගන්නත් බැහැ. මෙච්චර කාලයක් රේල්පාරවල් ළඟ උන්නු මිනිස්සුන්ටත් ඉන්න බැරි තරමට වායු දුෂණේ කියපුවම?
අපේ රටෙත් පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම, වාහන දුම් පාලනය වැනි දේවල් මනා සැලසුමකින් පාලනය කලේ නැත්නම් ඔවැනි දේවලට මුහුණ දෙන්න සිදුවේවි...!!!