( ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වියළි කහ තොගයක් කටුනායක ප්‍රදේශය ඔස්සේ රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබුණි .
කිලෝ ග්‍රෑම් 1,253 යි ග්‍රෑම් 700 ක් බරැති මෙම වියළි කහ තොගය රැගෙන , කටුනායක 18 කණුව මෙන්ඩිස් ක්‍රීඩාංගණය අසළින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනා සමග අත් අඩංගුවට ගැනීමට මෙම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් කටයුතු කර තිබුණි .
මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වර්ණකුලසූරිය සුමුදු අසාන් ප්‍රනාන්දු සහ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි වෑවලගේ රෝඩ්ලස් සුජීව යන පුද්ගලයන් දෙදෙනා , නීරෝධායන ලෙස මෙරටට ගෙනැවිත් ඇති වියළි කහ තොගයක් කටුනායක ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහනය කරමින් සිටින බවට ලද තොරතුරු මත , කටුනායක 18 කණුව මෙන්ඩිස් ක්‍රීඩාංගණය අසළ රැක සිට මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් වියළි කහ තොගය සහ ඒවා රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනා මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වියළි කහ සමඟ දෙදෙනකු මාට්ටු