IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි

(ඩයනා උදයංගනී)

දිවයිනේ පුරා දිස්ත්‍රික්ක කිහිපයක මාස ගණනාවක් තිස්සේ පවතින දැඩි වියළි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 75,560 කට අයත් පුද්ගලයින් 3,01,243 දෙනකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 7කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 27ක ජනතාව මෙයින් දැඩි පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා ලංකාදීපයට පැවසීය.

බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බවද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මෙයින් වැඩිම පීඩාවකට පත්ව සිටින්නේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වන අතර කළු ගඟේ ජල මට්ටම පහළ ගොස් එයට ලවණ මුසුවීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර හා දොඩංගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් 50,497 කට අයත් 2,12,728 දෙනෙක් පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

එම දිස්ත්‍රික්කයේ මිල්ලනිය, මතුගම හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 723 කට අයත් 2797 දෙනෙක් ද ඇතුළුව දිස්ත්‍රික්කය පුරා පවුල් 53,157 කට අයත් 2,15,525 දෙනෙක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව කොඩිප්පිලි මහතා කීවේය.

 

ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 9,792 කට අයත් 31,425 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 8,150කට අයත් 30,497දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,510කට අයත් 9,517 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රිකක්යේ පවුල් 1,982කට අයත් 6,566 දෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 350කට අයත් 1,213 දෙනෙක් මෙලෙස වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව හෙතෙම සඳහන් කළේය.

මේ අතුරින් පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවල ජනතාවට ජල බවුසර් හා ටැංකි යොදාගනිමින් ජලය සැපයීමට පියවර ගෙන ඇතැයි ද කොඩිප්පිලි මහතා කීවේය.

 



අදහස් (0)

වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 154 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 229 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1089 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site