(සුජිත් හේවාජුලිගේ)

ෆයිසර් එන්නත වයස 15ත් 19ත් අතර දරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා  තීරණය කළ බව  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මෙයට අමතරව  වයස 12ත් 19ත් අතර විවිධ ආබාධවලින් (සංජානනීය ආබාධ) පෙළෙන දරුවන්ටද  ෆයිසර්  එන්නත  ලබාදීමට  ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ජනාධිපතිවරයා  වෛද්‍ය නිර්දේශ අනුව මේ තීරණය ගත්තේ අද (17) පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන  රැස්වීමේදීය.

මේ අනුව දරුවන්ට ෆයිසර්  එන්නත ලබාදීම ලබන සතිය වනවිට  ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද  ජයසුමන මහතා කීවේය.

මේ අතර ෆයිසර් එන්නත්  මාත්‍රා තොගයක් මෙරටට ගෙන්වීමට  ඇණවුම් කර ඇතැයි පවසන ජයසුමන මහතා ලබන මාසය වනවිට එම  එන්නත් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේ‍ය.