IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යවස්ථා සංශෝධනයට පෙර දේශපාලන පක්ෂ-සිවිල් සංවිධානවල අදහස් ගතයුතුයි

(නිමල කොඩිතුවක්කු)
 
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධතාවයක් එල්ල වී ඇති අවස්ථාවක එය ගෙනඒමට හදිසිවන්නේ ඇයිදැයි තමන් රජයෙන් විමසා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(10) පැවසීය.
 
නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම්  හදිස්සි නොවී මහාසංඝරත්නය, විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධානවල අදහස් හා යෝජනා ලබාගනිමින් රටට හිතකර යෝජනා ගෙන ආයුතු බවද  හිටපු කතානායකවරයා එහිදී සඳහන් කළේය.
 
ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 69 මෙන්ම අහිමි වූ ඡන්ද ලක්ෂ 62 පිළිබඳවත් අවධානය යොමුකරමින් රාජ්‍ය පාලනය ගෙනයාම ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ වගකීම වියයුතු බවද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීවේය.
 
 “ශ්‍රී ලාංකීය ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි නිදහසේ සාමකාමීව ජීවත් වෙන්න කැමති පිරිසක්. අපේ රටේ ජනතාව දූෂණය, භීෂණය, අල්ලස් දීම ප්‍රතික්ෂේප කළ ජාතියක්. එම ජනතාව තුනෙන් දෙකක ජනවරමක් තියේන නව පාර්ලිමේන්තුවක් පත්කර ගන්න පසුගියදා කටයුතු කළා.
 
ජනාධිපතිවරයා ඇතුලු මේ ආණ්ඩුව යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය යහපත් අරමුණකින් ඉදිරිපත් කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. නමුත් මෙතනදි ප්‍රජාතන්ත්‍රවාදයට යම් ගැටලු සහගත තත්වයක්   සහ අනාගතයේදි මේ තුලින් ඇතිවෙන හානිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් පෙනීසිටි අයෙකු විදියට මම දකිනවා. අපිටත් ඇස්, කන්,  නාසා වසාගෙන ඉන්න බැහැ. අපේ අදහසත් අපි සද්භාවයෙන් ඉදිරිපත් කළ යුතුයි.

2020 මහමැතිවරණයේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට හානියක් කියලා ජනතාවගේ මනස විකෘති කළා. 19 වන සංශෝධනයෙන්  ප්‍රජාතන්ත්‍රවාදයට නිදහස ලැබුණු ශක්තිය අද පැත්තකට දාලා තියෙනවා. 19න්  රටට සිදු වූ සුබවාදි දේවල් වෙනුවට රටට සිදු සිදුවූ විපත් වලට 19 හේතු වූ බවට ඔවුන් පෙන්වා දෙමින් යනවා. පාස්කු ප්‍රහාරයට කොරෝනා වසංගතයටත් අද දහනමය අල්ලගෙන තියෙනවා.

ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. ජනාධිපතිවරයාට විරුද්ධව තවත් ලක්ෂ හැට දෙකක් ඡන්දය දුන්නා කියන එක මේ අය අමතක කරලා තියෙනවා. මේ 69 ගැන කතා කරනවා වගේම 62 ගැනත් කතා කළ යුතුයි. ඒ අයගෙත් අවශ්‍යතාවනට  මූලිකත්වය ලබා දිය යුතුයි.
 
දහනම වන ව්‍යවස්ථා සංශෝධනය පැත්තකට දාලා 20වන ව්‍යවස්ථා සංශෝධනයෙන්  ඇයි මෙච්චර හදිසි කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.
 
මේ ව්‍යවස්ථා සංශෝධනය තව සති දෙකකින් තියනවට වඩා ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කරලා විපක්ෂයේත් අදහස් ලබාගෙන සියලු දෙනා ඒකරාශි කර ගෙන සිදු කරනවා නම් එය රටේ අභිවෘද්ධියට හේතු වනවා. දැන් රටට අභියෝගාත්මක අවස්ථාවක් එළඹ තිබෙනවා. මේ ගැන අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. මේ පණිවිඩය නිවැරදිව ජනතාවට ලබාදෙන්න මාධ්‍යයටත් විශාල වගකීමක් තියෙනවා.
 
ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් පවා මෙහි සමහර කරුණුවලට විරුද්ධයි. මේ සංශෝධනය රටට අහිතකරයි නම් එය පරාජය කිරීමට අපි සියලුදෙනා ඉදිරිපත් විය යුතුයි”යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (7)

ව්‍යවස්ථා සංශෝධනයට පෙර දේශපාලන පක්ෂ-සිවිල් සංවිධානවල අදහස් ගතයුතුයි

mp Thursday, 10 September 2020 11:26 AM

19 හදන කොට ඕක කළාද?

:       0       0

Bamunuarachchi Thursday, 10 September 2020 11:40 AM

අපි පොහොට්ටුවට ඡන්දය දුන්නේ අනික් දේශපාලන පක්ෂවලින් අහලා, සිවිල් සංවිධානවලින් අහලා නොවෙයි.

:       0       0

sarath Thursday, 10 September 2020 12:58 PM

NGO, CIA, RAW වැඩ පටන් අරන්...

:       0       0

Athula k Thursday, 10 September 2020 03:09 PM

මීට කළින් අයත් එහෙම කළාද ආයුබෝවන්ඩ..?

:       0       0

Perera Thursday, 10 September 2020 06:40 PM

ලක්ෂ 69ක් ජනතාව 2/3 බලය මේ රජයට දුන්නේ සිතැඟි පරිදි ව්‍යවස්ථාව වෙනස්කරලා රුසියාවේ පුටින් කළා වගේ රාජපක්ෂවරුන්ට සදාකල් බලයේ සිටින්න සංශෝධන කිරීමටයි. ඒක කරන්න ඡන්දේ පැරදුණු අයගෙන් අහන්න ඕනේ මොකටද?

:       0       0

Y.c.p.silva Sunday, 13 September 2020 11:24 AM

අනිවාර්යයෙන්ම අදහස් විමසන්න ඕනෑ. මේ හදිස්සියේ මේක කරන්නේ වෙන අමාරුවකට..

:       0       0

BamunuarachchiMonday, 14 September 2020 12:42 PM

මොකද අවුරුදු 5ක් යනකම් ඉන්න ඕනේද මේ සංශෝධන කරන්න...? අනික කාගෙන්ද අදහස් විමසන්නේ..? 69 ලක්ෂයක් ජනතාව තමන්ගේ අදහස කීවා. දැන් තියෙන්නේ ක්‍රියාත්මක කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site