(යොහාන් භාසුර)
වියළි මිදි යැයි හඟවමින් ඉන්දියාවෙන් ආනයන කළ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 14, 000 කට ආසන්න තොගයක් දින දෙකක් තුළ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.
කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් තවත් වියළි කහ කිලෝ 6885 ක් ඉකුත් දින අත්අඩංගුවට ගත් බවත් තව දුරටත් බහලුම් පරික්ෂා කරමින් සිටින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ශ්‍රී ලංකා රේගු ආර්.සී.ටී. බහලුම් පර්යන්තයේ ගබඩා කර තිබෙන බහලුමකින් මෙම කහ තොගය සොයාගත් බවත් වියළි මිදි කිලෝ 10 බැගින් ඇතුළත් යැයි සඳහන් පෙට්ටි 1965 කින් පෙට්ටි 765 ක මෙම කහ තොගය සූක්‍ෂම ලෙස සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ ආකාරයටම සඟවා තිබූ වියලි කහ කිලෝ 7110 ක් සොයාගැනීමට රේගුව පෙරේදා (21) සමත් විය.


COMMENTS
රේගුව හරියට ඉන්නවානම් රටට විශාල සෙතක්