IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වයිරසයෙන් මිය ගිය ගණන 3000 ඉක්මවයි

කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 3000 ඉක්මවා ගොස් ඇති බව චීනයේ බලධාරීහු පවසති.  

මරණ සංඛ්‍යාව 42 කින් ඉහළයාමත් සමඟ මෙම අගය 3000 ඉක්මවා ඇති බව ඔවුහු සඳහන් කරති.

ලොව පුරා 88,443දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති.

පසුගිය සති අන්තයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ කොරෝනා රෝගී මරණ පළමුවරට වාර්තා විය.

ඉතාලියේ ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් දින දෙක තුළදී දෙගුණයකින් ඉහළ ගොස් ඇත.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ, චීනය තුළ පමණක් වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 2912ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. හුබෙයි ප්‍රාන්තයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එම අගය ඉහළ ගොස් ඇතැයි කොමිසම සඳහන් කරයි.

කෙසේවෙතත් මේ වනවිට වයිරසය ආසාදනය වීමේ වේගය අඩුවෙමින් පවතින බව බලධාරීහු සඳහන් කරති. හුබෙයි ප්‍රාන්තයෙන් පිටත වයිරසය ආසාදනය වූයේ යැයි සැලකෙන්නේ 6දෙනෙකුට පමණි.

දකුණු කොරියාවේ නව ආසාදිතයන් 500දෙනෙකු වාර්තා වී ඇති අතර, තවත් සිව්දෙනෙකු මිය ගොස් ඇත. ඒ අනුව එහි පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තිබේ.  

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පැවසුවේ, වයස අවුරුදු 60 ඉක්මවූ හෝ දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නන්ට වයිරසය සීඝ්‍රයෙන් වැළඳෙමින් පවතින බවය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී හුබෙයි ප්‍රාන්තයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 60කට ව්‍යාප්තව ඇත.

(ද හින්දු  ඇසුරිනි)

168844



අදහස් (2)

වයිරසයෙන් මිය ගිය ගණන 3000 ඉක්මවයි

thushara Monday, 02 March 2020 06:59 AM

මේ දිනවල ලංකාවේ පවතින අධික උණුසුම් කාලගුණය වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සළකන්න. උණුසුම් තත්වය නිසා ලංකාවේ කොරෝනා පැතිරීම සිමා වී ඇත.

:       0       31

hira Monday, 02 March 2020 09:44 AM

මේ වෙලාවට පෙනීසිටීමට බැරි බලගතු දෙවිවරු මොකටද? දැන්නම් හොඳටම පැහැදිලියි කාගේ හරි දැඩි වුවමනාවකට නිර්මාණය කර සංවිධානාත්මකව මිනිසුන් මත හොඳින් හෝ නරකින් ඔලුවට ඇතුළු කරපු නොපෙනෙන නිර්මාණ බව.... දැන් අපි කරන්නේ පරම්පරාවෙන් සහ අම්මා තාත්තාගෙන් ලැබෙන නිසා ඇදගෙන යන එක...

:       13       469

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site