(රංජන් කස්තුරි)
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පාසල් සිසුන්ට අභ්‍යාස පොත් අලෙවිකර වයඹ පළාතේ අධ්‍යාපන සංවර්ධන අරමුදලට මුදල් එකතුකර දෙන්නැයි පාසල් ප්‍රධානීන්ට නියෝග කර තිබේ.
එක්තරා මුදණ ආයතනයකින් අභ්‍යාස පොත් තොගවශයෙන් ගෙන කොට්ඨාශ කාර්යාල හරහා පාසල්වලට හෙට (18) සිට බෙදා හැරීමට නියමිත අතර ඊට සිය විරෝධය දක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කොට්ඨාස භාර නිලධාරියා හෙට (18) සහ අනිද්දා (19) මේ මස 22 වැනිදාත් එම අභ්‍යාස පොත් රැගෙන පාසල්වලට පැමිණෙන අතර ඒවා බාරගෙන සිසුන්ට අලෙවි කරන ලෙසද වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු චක්‍රලේඛයක් මගින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීය.
අභ්‍යාස පොත් අලෙවි කර එම මුදල් මේ මස 30 වැනිදින කොට්ඨාස කාර්යාලවලට රැගෙන එන ලෙසද එම චක්‍රලේඛය මගින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා දැනුම් දී ඇතැයිද හෙතෙම පැවැසීය.
පාසල්වාරය අවසන්වල දින කිහිපයේදී එලෙස අභ්‍යාස පොත් සිසුන්ට අලෙවි කළ නොහැකි බවද එය ගුරුවරුන්ට හා සිසුන්ට අනවශ්‍ය බර පැටවීමකැයිද පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුකාරලාට මොනවද වෙලා තියන්නේ? ජනාධිපතිට ගැලපෙන ආණ්ඩුකාරලා...
හැමතැනම පාලකයෝ. හැම කෙනාම තම තමාට හිතෙන විදිහට වැඩ කරනවා. රූකඩ පාලනයක ප්‍රතිඵල තමයි මේ. මුළු රටම විකාර වෙලා. විනාශම වෙලා ගිහින්. හරිම දුකයි හිතට...
වෙළෙඳපළ මිලට වඩා අඩු මිලට ඉහළ ගුණාත්මයකින් යුතුව දෙනවා නම් මිලදී ගන්න කියලා බල කිරීමකුත් නැත්නම් මේකේ ඇති වරදක් නෑ. ඔය මහා ගුරුවරු ලෙස පෙනී ඉන්නා වෘත්තීය සංගම්කාරයින්ට ඉස්කෝල අස්සේ එක එක විකාරවලට සල්ලි එකතු කරනවා පේන්නේ නෑ.
මේ වැඩ නම් හොඳ නැහැ.
මේ ආණ්ඩුකාරයට දීලා තියෙන නිලවාහන වලින් කිහිපයක් අයින් කරලා ඉන්ධනවලට යන ගණන ඉතිරිකළානම්, නැතිනම් එක විදේශ සංචාරයකට යන ගණන ඉතිරි කළානම් පොත්ටික නිකන් වුනත් දෙන්න තිබුණා..
හොඳයි...
පිස්සු වාට්ටුවේ වැඩිපුර ඉන්නේ පිස්සෝ මිස ඔවුන් බලා කියාගන්න අනිකුත් අය නොවේ. කල දුටු කල උන් විසින් වල ඉහගනු ලබයි.
වයඹ පළාත් මුද්‍රණ ආයතනයක නම් සලකා බලන්නම්, පිට පළාත්වල නමගිය දේවල්නම් එපා.