( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින කොරෝනා වසංගත අවදානම සැළකිල්ලට ගෙන අවදානමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම ලබන 23 වන දින සිදු නොකර තවත් සතියකින් කල් දැමීමට තීරණය කළ බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය.
වයඹ පළාත තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද (20) කුරුණෑගල පිහිටි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කළේය.
වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම තීරණය වයඹ දරුවන්ගේ යහපත වෙනුවෙන් ගත් බවද මෙම තීරණය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත දන්වා යවන බවද රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව කොරෝනා අවදානම පවතින කුරුණෑගල මහ නගර සභා සීමාවේ පිහිටි සියළුම පාසල්, කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල්, මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල් සමඟ කුලියාපිටිය නගර සභා බළ ප්‍රදේශයේ පිහිටි සියළුම පාසල් සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, කනදුල්ල මහා විද්‍යාලය, දියකළමුල්ල මහ විද්‍යාලය, පන්නල නගර සීමාවේ පිහිටි පාසල් සහ ඊරියගොල්ල මහා විද්‍යාලය, රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බළ ප්‍රදේශයට අයත් රම්බොඩගල්ල මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල නගර සීමාවේ පිහිටි සියළුම පාසල්, මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බළ ප්‍රදේශයේ පිහිටි ගජනැග්ගම, අඹගස්වැව, බලල්ල, යාපහුව මහා විද්‍යාල සහ මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් පමණක් ලබන 23 වන දින ආරම්භ නොකර සතියක කාලයක් වසා තබන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ්, කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත මහත්වරුද කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරුද සහභාගි වූහ.
2025 ඔක්තෝබර් මස 08
1457
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වයඹ පාසල් ඇරැඹීම සතියකින් කල් දමයි