
(අජන්ත රත්නායක)
කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය.
වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන් සම්බන්ධයෙන් ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම ගුරු පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළහ.
කුරුණෑගල ඔරලෝසු කණුව අසල සිට කිලෝ මීටර් භාගයකට වැඩි දුරක් විරෝධතා පා ගමනින් පැමිණි පිරිස පළාත් සභා සංකීර්ණය වෙත ළඟාවූහ.
ප්‍රධාන පිවිසුම් දොරටුව සියයකට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර ආණ්ඩුකාරවරයා හමුවීමට උත්සාහ කළ බව ගුරු පිරිස දැන් වූ නමුත්, පොලිසිය ඊට අවසර නොදීම නිසා දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.
පසුව ලංකා ගුරු සේවා සංගමය වයඹ පළාත් ලේකම් එම්. ඒ්. විමලසිරි මහතා රැස්ව සිටි ගුරු පිරිස ඇමතීම සඳහා පළාත් සභා සංකීර්ණයේ පිහිටි තාප්පයක් මතට ගොඩවීමට උත්සාහ කළ අතර පොලිසිය විසින් එය වළක්වනු ලැබීය.
මෙහිදීත් දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ගුරුවරුන් විසින් විමලසිරි මහතා ඔසවා අදාල කණුව උඩට නැංවීය.




COMMENTS
පුළුවන් නම් මේ ගුරුවරුන්ගේ වැටුප් කපන්න කියලා මුග්ධ ආණ්ඩුකාරයාට කියමු...
ඈ බොල වැඩනොකර පඩි ගන්න අයනේ පඩි ගෙවන්නේ ආණ්ඩුකාරයා නොවෙයි... ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසා මේ කාලකන්නි රැළට සතයක් දෙන්න එපා.
දිගටම විරෝධතාවය දක්වන්න. එතකොට එයාටම තේරෙයි එයා පඩි ගන්නේ අපෙන් කියලා...
පේනවා නේද ගුරු හඬ. එකට ඉන්නවා නම් මොනවා කරන්න බැරිද? දැන්වත් එක එක දේශපාලකයින්ගේ හොරිකඩයින් නොවී, තම රාජකාරිය හරිහැටි ඉටුකොට ගුරු ශක්තිය පෙන්වමු. සමාජය යහමගට ගැනීමට ගුරුවරුන්ට තරම් ශක්තියක් වෙන කිසිවෙකුටවත් නැහැ. ගුරුවරුන්ට දේශපාලන පක්ෂයක් අවශ්‍යත් නැහැ. දරුවන්ට හරි මග පෙන්වමු. කිසිවෙකුට ගැති නොවී කටයුතු කරමු. රාජා කොල්ලුරේ වසර කිහිපයකින් ඔය තනතුරෙන් ඉවත් කරනවා. ඒක අද හෙට වෙන්නත් පුලුවන්. නැතිනම් තව වසරකින් හෝ දෙකකින් වෙන්නත් පුලුවන්. නමුත් ගුරුවරු. වයස 60 වන තෙක් සේවය කරලා විශ්‍රාම ගියත් මියයන තෙක්ම ගුරුවරු තමයි. මගේ තාත්තත් විදුහල්පති වරයෙක්... මේ වනවිට එතුමා මියගොස් වසර 27ක් වෙනවා. නමුත් තවමත් ඒ නමට සලකන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා ගුරුවරු කලින් කලට පාට වෙනස් කරන දේශපාලකයින්ගේ ගැත්තන් විය යුතු නැහැ. පාසල් දිනේවා. දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරමු. ජයවේවා.
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේ නම් කළයුතු හොඳම දේ තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැර හරිමින් දින 100 ඉක්මවා අඛණ්ඩ වර්ජනයක් කර ගිනස් වාර්තාවක් තැබීය. මෙවන් ව්‍යවසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සඳහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
මෙතන තියෙන්නේ ගුරුවරුන්ගේ ශක්තිය පෙන්වීමක් නොවෙයි... රටේ වාතාවරණයවත් හඳුනා නොගෙන ඔවුන් මේ පෙන්වන්නේ නොහික්මුණු වගක්... අශීලාචාර බවක්. අමන ගතියක්. කාගේ හෝ අතකොළු බවට පත්වී රටට හානිකර විදිහට හැසිරෙනවා...
සෑම අවුරුද්දකම එකම පාඩම ගුරුවරු දහස් ගාණක් උගන්වන නිසා තමයි විශාල ගුරුවරු ප්‍රමාණයක් ඕනෑ වෙන්නේ. නමුත් පාඩම පටිගත කර දරුවන්ට ලබා දුන්නාම එක ගුරුවරයෙක් එක පාරක් උගන්වපුවාම හොඳටම ඇති. ලංකාව වගේ පොඩි රටකට ගුරුවරු දහස් ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ.
එකම සින්දුව මිලියන ගානක් මිනිස්සු බලනවා. කිසිම ගෙවීමක් , පලුදු වීමක් නැතිව. මෙපමණ පරිගණක හා ජංගම දුරකථන තියෙන රටක, සෑම අව්රුද්දකම, එකම පාඩම, ගුරුවරු දහස් ගානක් කියල දෙන්ඩ ඕනි නැ කියලා මට නම් හිතෙන්නේ.
ආයෙත් කොවිඩ් පතුරවයි වගේ රට පුරා