මරණ තර්ජන ඇති බව පවසමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසිබල සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමෙන් පසු තමන්ට මෙලෙස මරණ තර්ජන ඇති බව ඔවුන් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.
මීට පෙර වාචිකව මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් පසුව එය ලිඛිතව දැනුම් දුන් බවත් ඔවුහු සඳහන් කළහ.
නඩු කටයුතු ආරම්භ වීමෙන් පසු දිගින් දිගටම සිදු කරන වෛරී ප්‍රකාශන,තර්ජන අඩුවනු ඇතැයි බලා සිටියද එසේ සිදු නොවු බවත් පැවසූ ඔවුන් ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පැමිණිල්ලක් සිදු කළ බවත් පැවසීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.