මරණ තර්ජන ඇති බව පවසමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසිබල සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ යන මහත්වරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමෙන් පසු තමන්ට මෙලෙස මරණ තර්ජන ඇති බව ඔවුන් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.
මීට පෙර වාචිකව මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත් පසුව එය ලිඛිතව දැනුම් දුන් බවත් ඔවුහු සඳහන් කළහ.
නඩු කටයුතු ආරම්භ වීමෙන් පසු දිගින් දිගටම සිදු කරන වෛරී ප්‍රකාශන,තර්ජන අඩුවනු ඇතැයි බලා සිටියද එසේ සිදු නොවු බවත් පැවසූ ඔවුන් ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පැමිණිල්ලක් සිදු කළ බවත් පැවසීය .
COMMENTS
අනිවාර්යයයෙන්ම මේ මරණ තර්ජන ඒන්නෙ ගෝඨාගෙන් විය යුතුයි.
අනිවා බලයට ආපු හැටියෙ කපෝති.
මොවුන්ගේ ක්‍රියා කලාපය අනුමත නොකලත් සාමාන්‍ය පුරවැසියන් ලෙස නීතියේ පිහිට පැතීමට යාමේදී විරුද්ද පාර්ශවයේ මෙවන් හැසිරීම් අනුමත කිරීමට බැහැ. එම නිසා මෙවැනි සිද්දීන්ට වැට බැඳිය යුතුයි.
සමහරු උපන් දේශයට වින කරනවා.
කොන්ත්‍රාත්තුව තවම ඉවර වෙලා නෑ වගේ. රාජපක්ෂවරු ඔහොම දෙයක් කලත් එයාලගෙ අවාසියට හිටින නිසා මේ වෙලාවෙ කරන්නෙ නෑ කියල ඕන කෙනෙකුට තේරෙනවා.
දිනන්නත් කලින් කට්ටිය වැඩ පටන් අරන් වගේ කෝ ස්වාදීන මාද්‍ය වේදීන්ගේ සංගමය ...? මේකද රාජපක්ෂ ලාගේ මැර ප්‍රජාතන්ත්‍රවාදය .
මෙය පිටිපස්සේ ඉන්නේ රනිල් , මෙයාගේ වැඩ නිසා අපහසු තාවයට පත්වුණේ සජිත්
දිනන්නත් කලින් කට්ටිය වැඩ පටන් අරන් වගේ ජනාධිපති අගමැනි පොලිස්පති නිහඩයි කැලා නිතිය රජවෙයි
පවු අනේ, ඇයි මේ අහිංසකයන්ට ඔයවගේ තර්ජන කරන්නේ?
පට්ටපල් බොරු.
මේකද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මාද්‍ය බලධාරීන් නිහඩයි .......
වැඩේ කරන්න ඉස්සෙල්ල පොරොන්දු වෙච්ච අයට කිව්වනම් හරිනේ බේරලා දෙන්න කියලා. කොපමණ තරමක් මිනිස්සුන්ව අපහසසුතාවයකට පත් කරාද ඔය දෙන්නා... කුම්බලා කරෝල කෑවානම් දුක විදපන් බලලෝ
දැන්ම රාජපක්ෂලා මෙහෙම නම් මැතිවරණය කරන හැටි හිතාගන්න පිළිවන් 2010 වගේ විය හැක .
අනේ මන්ද මෙහෙමත් පච පිට පච. මුලින්ම ගෝටාබයට නඩුවක් දාල චන්ද කඩන්න බැලුව. ඒක හරි ගියේ නැති උනාම දැන් මරන තර්ජන කරනව කියල තවත් බොරුවක් ගොතනවද කොහෙද අනුකම්පාව ගන්න. ඕව කරා කියල මිනිස්සු රැවටෙන්නෙ නැහැ වියන්ගොඩ. ඔයා ප්‍රංශ පුරවැසියෙක්ලු නේද? ඔච්චර බොරු කරන්නෙ නැතුව යන්නකො ප්‍රංශෙට ඔයාගෙ එන් ජී ඕ නඩයත් අරගෙනම අනිත් මිනිස්සුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව.
උපන් රටට, ජාතියට එරෙහිව වැඩකරනකොට යන යන තැන අසූචි වදීවි. උගත්කම්වලින් වැඩක් තිබේද?
බටහිර NGO ලොක්කන්ට පේන්න මොනවහරි කරන්න කියන්න එපායැ. තමන්ගෙ බොස්ලානේ
ගෝඨා ගේ මැර පිරිස් වැඩ පටන් අරන් .
මඩින් නැත්නම් ගොඩින් නේද. නඩු දාල කරන්න බැරිඋණු ඒවා බොරු කියල කර ගන්න හදනවා. මෙහෙමත් මිනිස්සු.
රාජපක්ෂ ලා නැවතත් කැලැ නිතිය පටන් අරන්
මෙන්න රට විනාශයි කැලා නිතිය පටන් අරන්
මොවුන් ගේ ක්‍රියාවේ හරි වැරද්දක් දැන් නොතේරේ. යම් විදිහකින් දැඩි පාලනයකට යට වුනොත් එදාට තේරේවි.
අනේ යන්නකෝ ඔයාලගේ රට වලට අපිට පව් නොදී
මරණ තර්ජන එනවා නම් එම නොම්මර ඔක්කොම දෙන්නකෝ සි අයි ඩී එකට එයාල හොයාවී
පුනක්කු බොන අය මේවා විශ්වාස කරාට අපි නම් සතපහකටවත් මේවා විශ්වාස කරන්නෙ නෑ. නඩුවෙන් පරාද උනු නිසා ජනාධිපතිවරණෙ ඉවර වෙනකන් මේ වගේ වැඩ තව බලා ගන්න පුළුවන් වෙයි. මොකද ගෝඨාගේ ජන්ද පදනම කැඩීමට මෙය හොඳ සාක්ෂියක් නිසා. සමහරවිට මෙයාලගෙම කවුරුහරි දාලා ඔන්න උස්සන් ගියා කියල කියන්නත් බැරි නෑ... හැබැයි මෝඩ මිනිස්සු ඇන්දුවට බුද්ධිමත් අය මේවාට ඇන්දෙන්නෙ නෑ..
ගැරඩියන් මරලා පව් පුරවා ගන්නේ මොකටද.
මරණ තර්ජනය කරනවා විතරක් නොවේ ඊට පස්සේ තර්කයකුත් දානවා මේ වෙලාවේ තර්ජනය කෙරුවම ගෝඨාභය මහත්තයාට අවාසි නිසා මේක කරන්නේ එයා නෙවෙයි එයාගේ විරුද්ධවාදියෝ කියලා. එකෙන්ම පැහැදිලි වැඩේ කරන්නේ නිදහසට කරුනුත් ලැහැස්ති කරගෙන කියලා.
මේ ගැරඩි මරන්නේ මොකටද? කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය.
මේකත් ඉතින් බොරුවක් තමයි.කොතන හෝ වාසියක් ගන්න පුලුවන්ද කියල බලන වැඩක්. මිනිස්සු ඕවට දැන් රැවටෙන්නේ නෑ.
ගොටබය ලොක්ක ගැරඩි මරන්නේ නැතිබව ලෝකයම දන්නවා. හැබැයි හැප්පුනා ඇති දැන් නවත්වන්න. ලක්දිවට පුස්සක් වන ඔබල වැනි අය රටට අවශ්‍ය නොවේ.
ඕක තමා ඊළඟ නඩු නිමිත්ත.
මට පුදුම මොවුන් කවුද කියා රටම දන්නා කල ඔව්න්ට සුදුහුණු ගාන අය සිටීමය. අසූචිත් සුවඳ යැයි කියනවුන් අන්ධව පක්ෂ බදා සිටින රටට , ජාතියට ලැදි නැතිවුන්මය.
අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්තලු.
මෙයාල මිනිසුන්ට වත් රටට වත් ආදරේ මිනිස්සු නෙවේ . තමන්ගේ බඩ පුරවගන්න රටට කරන්න පුළුවන් ඔන ජරා වැඩක් කරනවා ඉපදුණ රටට වින කරන කාල කන්නි. මරණිය තර්ජන අපායෙන් වෙන්න ඇති
මෙයාල මිනිසුන්ට වත් රටට වත් ආදරේ මිනිස්සු නෙවේ. තමන්ගේ බඩ පුරවගන්න රටට කරන්න පුළුවන් ඕන ජරා වැඩක් කරනවා
මේ දෙපළට මරණ තර්ජන නැහැ කියනවා නම් ඒක බොරුවක්. ඒ කාලේ එක්නැලිගොඩ වගේ අයට වෙච්ච දෙයක් තවමත් දන්නේ නැහැ.මධුමාධව ෆේස් බුක් එකේ දාලා තිබුන දේම මරණ තර්ජනයක් නොවෙයිද?
මෙහි ඇත්තේ මරණ තර්ජනයක් නොව මැරෙන්න බියක් වෙන්න පුළුවන්.සමහර විට වැඩේ වැරදුන නිසා එයට යොමු කළ අයගෙන්ම සිදුවන්නක්ම විය හැකියි.ගැරඬි මරලා පව් ගන්න කාටවත් ඕන කමක් නැහැ.
අපේ ගමේ හිටියා නියම කොල්ලෙක්.මිනිස්සුන්ට මතකද දන්නෑ? මට මේ වෙලාවේ ඔහු මතක් වෙනවා.ඒ වගේ අය දැන් හොයාගන්න බෑ.
ජනාධිපතිවරණය ඉවර වනතෙක් මේ දෙන්නව රිමාන්ඩ් එකේ තියන්න පැනලා යන්න ඉස්සරවෙලා...
ගරු වියන්ගොඩ හා තේනුවර වැනි ප්‍රබුද්ධ බුද්ධිමතුන් ඔක්කොම ඉල්ලා සිටින්නේ යහපාලන රජය දිගටම පවත්වාගෙන යාමටයි
අපි කව්රුත් මේ දෙන්නට ස්තුති කල යුතුයි. කාට හරි ගෝටාභය මහතාගේ පුරවැසිභාවය ගැන සැකයක් තිබුනානම් ඒ සැකය නැතිකරගන්න මේ දෙන්න මාර්ගය සලසා දුන්න නඩුවක් දාලා.
මෙ රට අනාරක්‍ෂිත වෙලවෙ ජනතාවට ඕන ගෝඨාබය දිනවන්න. ඔහු දිනනවා. මෙවර ඔහුගේ අඩුලුඬුකම් හදාහගෙන රටට ගොඩගනියි, නම තියයි.
බමුණුආරච්චි බමුණෙක් වෙන්න එපා.. මේ ඉන්නේ මහාචාර්යතුමෙකු හා අචාර්යතුමෙක් මේ දෙදෙනා මතුකලේ නීතිමය කාරණාවක් නොදන්නා දේවල් නොකියා ඉන්න...