IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ ලිපි සාදා වාහන විකිණූ 5 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සොරාගත් වාහනවල චැසි සහ එන්ජින් අංක වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සාදා අලෙවි කර රුපියල් කෝටි ගණනාවක් වංචා කළ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස බුද්ධි ඒකකය කියයි.

මොවුන් සතුව තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුතු වාහන රැසක්ද සොයාගත් බව එම ඒකකය පැවසීය.

එම සැකකරුවන් සමඟ වෑන් රථ දෙකක්, මෝටර් රථ හතරක් සහ කැබ් රථ දෙකක්, ව්‍යාජ ලියාපදිංචි සහතික සහ ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා මෝටර් රථයක් ලක්ෂ 50 කට විකිණීම සඳහා කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ගැනුම් කරුවෙකු සොයන බව  පානදුර කොට්ඨාස බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත කළ විමර්ශනයකින් පසු මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත්බව එම ඒකකය කියයි.

මෝටර් රථය විකුණන පුද්ගලයා සමඟ සම්බන්ධ වීමෙන් පසු වාහන ලියාපදිංචි සහතික රැගෙන එන ලෙස එම පුද්ගලයාට පොලිසිය දැනුම් දී ඇත. ඒ අනුව එම පුද්ගලයා ලියාපදිංචි සහතික රැගෙන පැමිණි අවස්ථාවේදී ඔහු සමඟ සිටි තවත් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී ලක්ෂ 50 ට විකිණීමට තිබූ මෝටර් රථය කොටහේන ප්‍රදේශයෙන් සොයාගත් බවත් මොවුන් මෙම වාහන ජාවාරම වසර අටක් තිස්සේ කර ඇති බවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ලක්ෂ 50 ට විකිණීමට ගිය මෝටර් රථයේ හිමිකාරිය අම්පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් ඇයද මෙවැනි ජාවාරම් වල නිරත වන තැනැත්තියක් බවත් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී  චැසි අංක වෙනස් කළ වෑන් රථ දෙකක් සහ කැබ් රථයක් ඇහැලියගොඩ ව්‍යාපාරිකයෙකුට විකුණා තිබියදී සොයාගත් බවත් එම ඒකකය පැවසීය.

එම කල්ලියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනෙකු මල්වාන සහ ඒකල ප්‍රදේශවල දී  කැබ් රථයක් සහ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

ව්‍යාජ ලිපි සාදා වාහන විකිණූ 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site