IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

‘සිඟිති දැරියකගේ  ජිවිතය  බේරා ගනිමු‘ යනුවෙන්  ව්‍යජ ලෙස  මුද්‍රණය කල  ටිකටිපත්  බලහත්කාරයෙන්  ජනතාවට අලෙවි කර මුදල් ලබාගත්  සැකකරුවන්  දෙදෙනෙකු සැප්තැම්බර් (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ ⁣වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්.මැණිකේ මහත්මිය අද (14) දා නියෝග කළාය.

කහවත්ත වැල් අදුර ප්‍රදේශයේ පදිංචි 17 සහ 20  යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු  මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අසාධ්‍ය තත්වයෙන් පසුවෙන 7 හැවිරිදි  දැරියකට පිහිට වන ලෙස බලන්ගොඩ නගරයේදී මොවුන් විසින්  ටිකට්පත්  බලහත්කාරයෙන් ජනතාවට අලෙවි  කෙරෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අද (14) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

එම ටිකට් පත් වල සඳහන් බැංකු ගිණුම් වල මුද්‍යණය කර ඇති නම් ගම් පරීක්ෂා  කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම සැකකරුවන් අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු තරුණයන් බවට පොලිසිය විසින් සිදුකළ  මූලික පරික්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ. බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



අදහස් (0)

ව්‍යාජ ටිකට්පත් අලෙවිකළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site