IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ අංක තහඩු සැකසූ දෙදෙනාට වැඩ වරදී

(නිමන්ති රණසිංහ)

මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරන  අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් පවත්වාගෙන ගිය  සැකකරුවන් දෙදෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරුවන් අදාල අංක තහඩු නවීන මොටර් රථ සදහා සවි කිරීමේ කටයුතු කරමින් සිටින බවට විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36ක සහ 39 ක පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

බොලෙරෝ රථයක්, ලැප්ටෝප්  පරිගණක යන්ත්‍රයක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, පෙන් ඩ්‍රයිව් දෙකක්,  ව්‍යාජ අංක පුවරු  02 ක්, සීල්  01 ක්, රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර්  153 ක් සහ එම් ඕ ඩි  ලෙස සඳහන් ස්ටිකර් කාඩ්පත්  එකක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බලකාය පවසයි .

අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැක කරුවන්  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර තුන් බව ද පොලිසිය සඳහන් කරයි . විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ  පුදුකුඩුඉරිප්පු කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබූහ.

 



අදහස් (0)

ව්‍යාජ අංක තහඩු සැකසූ දෙදෙනාට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site