
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් අතර විශේෂ හමුවක් පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද(27) පැවැත්විණි.
යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු,ඉතාලි තානාපතිනි රීටා ගුයිලානා, ජර්මන් තානාපති හොල්ගර් සූබර්ට්, රොමේනියානු තානාපති වික්ටර් චුඩෙයා යන රාජතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
මෙම ව්‍යසනය කළමනාකරණයේ දී ඇතිවී තිබෙන දුර්වලතා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය .
ආණ්ඩුව විසින් දියත්කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.



COMMENTS
කේලම් කීයක් කීවද?
අරවා නෑ, මේවා නෑ කියලා කියනවා.. ඔය දෙගොල්ලන්ම නේද දැන් දශක 4ක් විතර රට කරන්නේ...? ඔයත් හිටියනේ මහත්තයෝ ආණ්ඩු කීපයක ඇමැති කෙනෙක් වෙලා... දැක්කේ නැද්ද ඉස්පිරිතාලවල තිබෙන ඇඳන් වල හැටි? ඔයාලා ඔක්කොම තමන්ගේ වාසියට පමණයි..
තානාපතිවරු හිතනවා ඇති අනිවාර්යයෙන්ම මේ වගේ විපක්ෂ නායකයෙක් ඉන්න රටකට ඉතින් අබසරණයි කියලා
ගෝඨාභයට උදව්වට පුතාණෝ වැඩ කරලා දෙයි. හැමදාම මස්කට්ට තමයි මෙයාට...
වහල්ලු කොහොමත් සර් පාස් කියලා තමයි කියන්නේ.. සිරිසේනත් එකයි, නන්දසේනත් එකයි.
වෙන්න ජනාධිපති කෙනෙක්. සිංහලයන් ගැන වඩාත් හොඳින් ඔවුන් අවබෝධ කර ගත් අවස්ථාවක්.
නුදුරේදීම සජිත් අගමැතිවන නිසා ඔහුට සහයෝගය දෙන මෙන් තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.
තරුණයන් 76000ට ස්ථීර රැකියා දුන්නා අද වගේ මතකයි. ඔබත් එහෙම කරයි කියලා රටේ විශ්වාසයක් තියෙනවා.
කතානායක හැසිරෙන්නේ හරියට කෝපි කඩේ මුදලාලි වගේ.. පාර්ලිමේන්තුවේ දෙයක් කතාකරලා බේරගන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා ගහගන්න එනවා. යුරෝපා සංගමයටවත් කියලා බලමු.. ඒකත් හරියන්නේ නැතිනම් අර 80 දශකයේ අගභාගයේ මහින්ද මහත්තයා කළ විදිහට ජිනීවා වත් යන්න.
මේ තානාපතිවරු ලෝකයේ ශක්තිමත්ම රටවල අය. ඒ අය මේ ප්‍රශ්න ඒ ඒ රටවලට දන්වනවා. අපේ රට මුළු ලෝකෙන්ම කොන්වෙලා තියෙන මිනීමරුවන්ගේ රටක් බව දැන් ලෝකෙම දන්නවා. කෙසේවෙතත් මේ ප්‍රශ්න සියල්ලම ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවසන් තීන්දු තීරණ ගැනීමට උපකාරී වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපේ රටට ඉන්ධන ප්‍රවාහනයට සම්බාධකයක් දැම්මොත් සාටකයේ එල්ලිලා මැරෙන්න වෙන්නේ.
අනිවාර්යයෙන්ම බටහිර ලොක්කෝ කියන්න ඇති කොරෝනා බොරුව හොඳට වැඩිදියුණු කරන්න කියලා... මොකද අපේ සල්ලි නිකන්ම අදිනවා බටහිර රටවලට කොරෝනා බොරුව හරහා... කලින් සල්ලි හෙව්වේ ආයුධ විකුණලා. දැන් කොරෝනා විකුණලා. හරි.., ඔහොම කරගෙන යං....
රජය පෙරලලා දෙන්න කියන්න වෙන්න ඇති නැතිනම් රෑට ජනතාවගේ සුවදුක් බලන්න යන්න නයිට් විෂන් උපකරණ ඉල්ලන්න වෙන්න ඇති.