







විපක්ෂ නායක කාර්යාලය විසින් සංවිධානය කළ තෛපොංගල් දින සැමරුම් උත්සවයක් විපක්ෂ නායක සජිත් පේමදාස මහතාගේ සහභාගිත්වයෙන් අද (15) සවස විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා හින්දු පූජක සංගමයේ සභාපති වෛතීෂ්වර කුරුක්කල්තුමන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කරමින් හින්දු ආගමික වතාවත් සිදුකළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස , මව හේමා ප්‍රේමදාස , හිටපු අමාත්‍යවරුවන් වන මනෝ ගනේශන්, ඒ.එච්.එම්.ෆවුසි, විජයකලා මහේශ්වරන්, ජොන් අමරතුංග ,රවී කරුණානායක ,හර්ෂ ද සිල්වා , හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
COMMENTS
අනිවාර්යෙන්ම සමරන්න ඕන.
විපක්ෂ නායකතුමා හරිම උනන්දුවෙන්, අාසාවෙන් තෛපෝංගල් සමරනවා මූනෙන් පේනවා. මොකද එතුමාගේ ඡන්ද මල්ලේ වැඩිපුරම තියෙන්නේ උතුරු නැගෙනහිර සහ කොළඹ දෙමළ ඡන්ද නිසා. ඒකනිසා ඔය විදියටම දිගටම යමුකෝ...
මට මේක දැක්කම මතක් වුනේ එෆ්බී එකේ තිබ්බ කෝවිලක පූසාරී කෙනෙක් වගේ සජිත් මහත්තයව එඩිට් කරලා. දන්නෝ දනිති..
තාත්තත් මේ වගේ වැඩ කළා.
ළඟින් ඉන්න කෙනා සහභාගිවෙන්න ඇත්තේ ආර්යාව විදියට වෙන්න ඇති නේද?
අම්මපා... ආර්යාවෝ වැහි වැහැලනේ...!!!