
(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ සිට බලංගොඩ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊයේ රාත්‍රියේ හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේදී අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමුන් 8දෙනකු ඇතුළු 14දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
ඔවුන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් හපුතලේ ලිප්ටන් සීට් නැරැඹුම් මධ්‍යස්ථානයේ සංචාරයක ගොස් ආපසු එමින් සිටියදී මෙසේ අනතුරට ලක් වී ඇති බවද පොලිසිය කියයි.
තුවාල කරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු පිරිමි තිදෙනෙකු හා කුඩා ළමුන් අට දෙනකු වන බව සොයාගෙන ඇත.
ප්‍රපාතයට පෙළුණු වෑන් රථයේ සිටි තුවාලකරුවන් ප්‍රධාන මාර්ගයට ගැනීමට හල්දුම්මුල්ල පොලිසිය සමග ප්‍රදේශවාසීහු මහත් වෙහෙසක් දැරූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd