








(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාඩියමඩුව වැවේ වාන් ජලය, කොහොඹගස්වැව පාලම අසළින් ගලායාම හේතුවෙන් පාලමේ ඉදිරිකිරීම් අතරමග නවතා දමා ඇතැයිද, ආණමඩුව, ආඩිගම - මහකුඹුක්කඩවල මාර්ගයේ ගමනාගමන කටයුතු දින තුනක සිට සම්පූර්ණයෙන් නතරවී ඇතැයිද ජනතාව පවසති.
පසුගිය අප්‍රේල් 25 දින මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 239 ක් වැය කර ඇත. පාලමේ කටයුතු මාස තුනකින් ඉදිකර අවසන් කළ යුතු වුවද මේ වන විට එහි කටයුතු සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ජනතාව පවසති.
මේ හේතුවෙන් ආඩිගමට පැමිණෙන බොහෝ පිරිසකට සිදුව ඇත්තේ ආණමඩුවට ගොස් කිලෝමීටර් 25 කට අධික දුරක් ගෙවා යාමට බව ඔවුහු කියති.
මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි ඩබ්. එම්. දයාරත්න මහතා මෙසේ පැවසීය.
“මේ පාලම ඉදි කිරීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් මේ වන විට මාස තුනකින් කරන්න කියපු පාලම මාස හයක් අවසන් වෙලාත් අවසන් වෙලා නැහැ. මහ වැසි නිසා මාර්ගය සම්පුර්ණයෙන් ගමනාගමන කටයුතු නැවතිලා. පූනවිටිය ප්‍රාථමික පාසලට යන දරුවන් අඩි 10 විතර උස පාලමට ඉණිමඟේ නැගලා ආයෙ අනිත් පැත්තෙන් බැහැලා යන්නේ බරපතල අනතුරු දායක තත්වයක් එක්ක”
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දුලන්කා අතුකෝරාළ මහත්මියගෙන් මෙසේ පැවසුවාය.
“පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තුමේන්තුවත් වයඹ පළාත් සභා අමාත්‍යංශයත් තමා මේ පාලමේ කටයුතු කරන්නේ. මේ දිනවල පවතින තත්වය ජනතාව මට දැනුම් දුන්නා. පාසල් දරුවන් පවා පාලම උඩින් අසීරුවෙන් යනවා කියලා දැනගන්න ලැබුණා. නමුත් අදාළ ආයතන දැනුවත් කිරීම මිස වෙනත් දෙයක් කරන්න මට හැකියාවක් නැහැ”
මෙම පාලමේ අනතුරු දායක තත්වය බලධාරීන් නොසලකා හැරීමත් සමඟ තම ජීවිත අවදානමක ඇති බව ජනතාව කියාසිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ
නිකවැරටිය, ඉඟිනියාගම මාර්ගයේ ඔය වගේම වැඩ නිමවෙලා නැති පාලම් කිහිපයක් තියෙනවා. වයඹ පළාත් සභාවල් හැමතැනම වැඩ කරලා තියෙන්නේ ඔහොමමයි. වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද?
අධ්‍යාපනය ලබන දරුවන්ට මූලික පහසුකම් සපයන්න කිසිම ආණ්ඩුවකට බැරිවුණු රටක් හදන්න වේදිකා පැලෙන්න කිව්වා නම් හතර වටෙන්ම ඇහෙනවා. අවුරුදු කාලෙට කොහා අඬනවා වගේ ඡන්ද කාලෙට විතරයි සද්ද...
මගේ ඇසට පෙනෙන්නේ ගම්මු රජයෙන් සෑමදෙයක්ම කරනතෙක් බලාසිටීමයි.., ගමේ සියලුදෙනාම එකතුවී ශ්‍රමදානයකින් කෙනෙකුට පාලම් මත නැගිය හැකි ආකාරයට පටු මාර්ගයක් සාදාගත්තොත් හොඳනැද්ද?
මේ ළමයින්ටත් ටැබ් දුන්නනම් සේරම හරි. ලගම පාසැල හොදම පාසල
ඉතින් තවත් දීපල්ලා මේ දෙපලට. හැත්තෑ එක් වර්ෂයක් රටම කෑවා. බලපල්ලා, මොලේ තියන අය තව ඉන්නවා ඔය ඡන්ද කොලේ... ඔවුන්ට පුළුවන් රට හදන්න.
ළමයිනේ මෙන්න මේ දේට තමයි කියන්නේ යහපාලනය , කොමිස් කාරයින්ට සහ වංචා කාරයින්ට, ලැබුණු සුපිරිම කාලයයි 2015-2019. ඔබ වැනි ගම්බද අහිංසක දරුවන්ට යලිත් මෙවැනි කරදර-බාධක අත්නොවන්නට "උගත් , බුද්දිමත් නායකයින් පමණක් පාර්ලිමේන්තුවට පත් කිරීමට ඔබේ වැඩිහිටියන්ට පහදා දෙන්න."
ටැබ් එක පරිස්සම් කරගන්න.
මෙතන සමහර කමෙන්ට්ස් දැකකාම පුදුමත් හිතෙනවා. ලෝකේ කොහෙද මිනිස්සු එකතුවෙලා පාලම් හදාගන්නේ? මේ තරම් තාක්ෂණය දියුණු කාලේ අඩුම යකඩ පාලමක්වත් තාවකාලිකව හදා දීම රජයක වගකීමක්... අනෙක පෙළපාලි යන මිනිස්සු මේවට එන්නෙත් නෑ. මේවායේ ඉන්න මිනිස්සු පෙළපාලි යන්නෙත් නෑ..
මේ වගේ අවදානම් ගමනක යන මගේ දුවේ පුතේ ඔබට දෙවි පිහිට ලැබේවා...!!!
ඇපොයි බලාගෙන දුවේ ., පුතේ.. මාම දුන්නු ටැබ් එක වටෙයි වතුරට.පරිස්සමෙන්.
බලන්න දැන් රෑට රෑට දුක සැප බලන්න එන්නේ කොහොමද ?ඉක්මනට ඕක හදලා දාන්න.