




(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වන අලි 20ක රංචුවක් කොට්ටුකච්චිය වගා බිමකට කඩා වැදී පොල් ඇතුළු වගාව සියල්ල විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම වන අලි, ආණමඩුව කොට්ටුකච්චිය ජලාශය ආසන්නයේ රැඳී සිටින අලි රංචුවක් බවද ඔවුහු කියති.
ඉඩමේ වගා කර තිබූ පොල්, කෙසෙල් ඇතුළු භෝග කිහිපයක් අද(25) අලුයම පැමිණි වන අලි වනසා දමා ගොස් ඇති බව හිමිකරුවෝ කියති.
ඉඩමේ හිමිකරුගේ බිරිඳ වන එම් මයුරි ප්‍රිතිකා මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි බොහෝම අමාරුවෙන් ලක්ෂ හයක් විතර වියදම් කරලා මේ ඉඩම සකස් කර ගත්තේ. අවුරුදු දෙකක විතර පොල් පැළ 50 ක් විතර විනාශ කරලා දාලා. ඒ මදිවට පොල් කඩන ගස් 10 ක් විතරත් කඩා දාලා. කෝලිකුට්ටු ගස් 100 ක් මුලින්ම වනසලා. පුදුම දුකක් විඳලා ඉඩම හදාගත්තේ. සියල්ලම වනසලා දාලා” යැයි කීවාය.
ඉඩමේ හිමිකරු වන කේ. බී. රේක්සි රෝලන්ඩ් මහතා මෙසේ පැවසීය.
“ මම මේ ඉඩම හදා ගත්තේ ලොකු වියදමක් කරලා. අසල්වැසියන් වැඩි දෙනෙක් ගොවිතැන් කරන්නේ නැහැ අලි කරදරය කියලා. මම වත්ත වටේටම අලි අගල් ගහලා තිබ්බේ. සල්ලි මදි නිසා ඉස්සරහා අලි වැටක් හදා ගන්න ප්‍රමාද වුණා. මේ අලි ප්‍රශ්නය වන ජීවී කාර්යාලයට කිව්වාම එයාලා කියන්නේ ස්ථිර විසඳුමක් නැහැ කියලායි. අපි අන්ත අසරණ කරලා” යැයි ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අලින්ගේ භුමි අල්ලාගෙන අලි වැටවල් ගහලා ඒ සත්තුන්ව කුඩු කරන්න. පුත්තලම-විල්පත්තුව අවට රක්ෂිත ටිකත් කපන්න. අන්තිමේ අලි අරක කළා මේක කළා කිය කියා දුක කියන්න. ඒ සත්තුන්ගේ භුමිවල දැන්වත් ඒ සත්තුන්ට නිදහසේ ඉන්න ඉතුරු කරන්න. මිනිස්සුන්ට ඔවුන්ගේ වගාවන් කරන්න අවශ්‍ය පුරන් වූ කුඹුරු අක්කර ලක්ෂ ගානක් තියෙනවා. ඒවා කළමනාකරණය කරලා මනාව සකසලා වගාකරුවන්ට බෙදලා දෙන්න. රටක ආණ්ඩුවකට මේවගේ සුළු දෙයක්වත් කරන්න බැහැයි කියන්නේ.......
අලි මිනිස් ගැටුමේදී අද ගත යුත්තේ මේ ගොවිතැනින් ජීවිතය ගැටගසා ගන්නට වෙර දරන අසරණ මිනිසුන්ගේ පැත්තයි. අද රටේ අලි ජනගහණය කුඩා රටකට දැරිය නොහැකි තරමට වැඩිවී ඇත. මෙවැනි මිනිසුන්ට තර්ජනයක් වන අලි අල්ලා උන්ව භාර ගැනීමට කැමති රටකට ලබා දිය යුතුයි. මෙවැනි අදහස් වලට විරුද්ධ වන්නේ ගම්බද ගොවීන් අද විදින දුක නොදන්නා අයයි.
මෙවැනි ජනජීවිතයට තර්ජනයක් වන අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.